IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි සැර වද්දවා සද්ධන්තයා මරා දමලා

(රොමේෂ් මධුසංක)

මන්නාරම පරම්පකණ්ඩාල් ප්‍රදේශයේදී සද්දන්ත වන අලියකු විදුලිසර වද්දවා මරා දැමු පුද්ගලයකු අද  (27) දින සැකපිට අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම සේවක නිලධාරීවරයාට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලිසියට සහ වන ජීවී නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබේ.

මියගිය වනඅලියා ආසන්නයේ කුඹුරක්ද ඇති අතර කුඹුර ආසන්න කැලෑවකදී වන අලියා මිය ගොස් සිටි ඇති හෙයින් එම ස්ථානයට පැමිණි වන ජීවී නිලධාරින් කරන ලද පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ අදාළ වන අලියාට විදුලිසර වද්දවීමෙන් මිය ගොස් ඇති බවටය.

අනතුරුව පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් අවට කරන ලද සෝදිසි කිරීමකදී ආසන්නයේ පිහිටි පුද්ගලයකුගේ නිවසේ වන අලියාට අඳින ලද විදුලි රැහැන් සගවා තිබීම හේතුවෙන් එම පුද්ගලයා අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

මිය ගිය වනඅලියා අවුරුදු 15 පමණ වයසැති බව කියයි.

 



අදහස් (1)

විදුලි සැර වද්දවා සද්ධන්තයා මරා දමලා

kamal Koyrala Sunday, 27 October 2024 05:24 PM

බීරි අලීන්ට මහජනතාව නිති පතා වීනා වාදනා කිරිමෙන් අලීන් අත්වන ඉරණම මේකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site