IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා

(ආරියරත්න රණබාහු)

ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යන ආයතන මේ රටේ දුප්පත්කම වැඩි කරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (8) පැවසීය.

මොන ආණ්ඩුව ආවත්, කවුරුන් බලයට පත්වුණත්, කවුරුන් ජනාධිපති වුවත්, මේ රටේ දුගීභාවය ඇති කරන ප‍්‍රධාන ආයතන මේවා බව සිහි තබා ගත යුතු බව කී ජනාධිපතිවරයා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා දෙවියන් වහන්සේ කවුරුන් හෝ කෙනෙක් එවනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (8) පස්වරුවේ පැවති රූබන් වික‍්‍රමාරච්චි මහතා විසින් රචිත විදුලි පුරාණය ග‍්‍රන්ථය එළිදැක්වීමේ උළෙලේ දීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීය.

පසුගිය අවුරුදු තිහ හතළිහක් ගත්තොත් ඔළුව කැක්කුම හැදෙන ආයතන කිහිපයක් මේ රටේ තියෙනවා.

එකක් තමයි විදුලිබල මණ්ඩලය. ඊළඟට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන්සේවය. තව කියන්න තියෙනවා කාලය මදි නිසා කියන්නේ නැහැ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභය බිලියන 144යි. 2019 මුල්භාගයේ විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 89යි. දැන් මේකට පශ්චාත් මරණ පරීක්‍ෂණයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු හොයාගන්න වෙන්නෙත් මේ ක්ෂේත‍්‍රයෙන්මයි. මම දේශපාලනඥයෙක් මිස ඉංජිනේරුවරයෙක් නොවෙයි. ඒ නිසා ඒ ගොල්ලන්ගෙන් තමයි මේවා ගැන දැන ගන්න වෙන්නේ.

විදුලි බල මණ්ඩලයේ මේ පාඩුව අද ඊයේ සිදුවූ ඒවා නොවෙයි. ජාතික විදුලිබල පද්ධතියේ විදුලි බල ප‍්‍රමාණය රටට ප‍්‍රමාණවත් නොවන නිසා පුද්ගලික අංශයේ සමාගම්වලින් විදුලිය මිල දී ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා යන ගණන් මිනුම් මම කියන්නේ නැහැ.

මේ හා බැඳුණු තව ආයතනයක් තියෙනවා. මම ඒක කියන්නම් මට නඩු දැම්මට කමක් නැහැ. මම ඉන්නේ තව දවස දහයයි. නඩු දාන්න වෙන්නේ හිටපු ජනාධිපතිට කියලා.

ඒ ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම, ඒ කොමිසම විදුලිබල මණ්ඩලයට නිදහසේ තීන්දු ගන්න දෙන්නේ නැහැ. ඒ කොමිසම තමයි තීන්දු කරන්නේ පුද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක මිල ගණන්. ඒ ගොල්ල අතේ තමයි පාලනය තියෙන්නේ.

පසුගිය අවුරුදු දෙකේ දී මේ කොමිසම විසුරුවා හරින්න උත්සාහ කළා. නමුත් ඒක ජනාධිපතිටත් බැරි වුණා. අගමැතිටත් බැරි වුණා. කැබිනට් මණ්ඩලයටත් බැරි වුණා.

මේ කියන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ට එන්න කියලා අපි කිව්වා කරුණාකර අස්වෙලා යන්න කියලා. ඒත් ගියේ නැහැ. ඔහු මාස දෙක තුනකට සැරයක් ලෝකේ වටේ රවුමක් දෙකක් යනවා. ඒ යන විදියත් අපි දන්නවා.

විදුලිබල මණ්ඩලය අද යම් කිසි පාඩුවක් ලබනවා නම් ඒකෙන් බේරෙන්න බැරි ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම.

විදුලි බල පුරාණය පොත ලිව්වා වගේ දැන් ලියන්න  ඕන, විදුලිබල මණ්ඩලය ගොඩ යන්නේ කොහොමද කියලා. විදුලි බල මණ්ඩලය රටටම ආලෝකය දුන්නත් මණ්ඩලය අඳුරේ.

විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය කියන මේ ආයතන තමයි මේ රටේ දුප්පත්කම වැඩි කරන්නේ. මොන ආණ්ඩුව ආවත්, කවුරු බලයට පත්වුණත්, කවුරු ජනාධිපති වුණත් මේ රටේ දුගීභාවය ඇති කරන ප‍්‍රධාන ආයතන මේවායි.

ඒනිසා ආණ්ඩුවක් විදියට මේ ආයතනවලින් රට ගොඩගැනීමට තීන්දු තීරණ ගත යුතුයි. ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට වඩා මේ ආයතනවලින් රට බේරා ගැනීම අමාරුයි.

දුප්පත්කමින් රට බේරා ගැනීම සඳහා මා කියූ ආයතන ඇතුළු විදුලිබල මණ්ඩලය ගොඩගැනීමට දෙවියන් වහන්සේ කවුරු හරි කෙනෙක් එවාවි යැයි ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 364 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 506 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 634 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 209 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1238 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 580 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site