IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘විදුලිය වැඩි කළොත් පාන් වැඩි කරනවා‘‘

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

විදුලි බිල වැඩි කිරීමක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .

මේ වන විට බේකරිවල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි පවසන ජයවර්ධන මහතා නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්ත කරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බව ද පැවසීය.

මේ වන විටත් බේකරි කර්මාන්තය ට අවශ්‍ය පාන් පිටි ,බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් ,ඉන්ධන සහ විදුලි බිල වැඩි වීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වී ඇතැයිද ඔහු කියා සිටී.

මෙම තත්ත්වය මත යම් හෙයකින් විදුලි බිල ද නැවත වැඩි කිරීමක් සිදුකළ හොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳ වැටීමට හේතු විය හැකි බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (5)

‘‘විදුලිය වැඩි කළොත් පාන් වැඩි කරනවා‘‘

sharm warn Monday, 30 January 2023 12:21 PM

ඒ වුණාට උද්ධමනය හිටු කියලා බැහැගෙන බැහැගෙන යනවා... තව ටික දවසකින් මෙහෙ උද්ධමනයක් නැහැ කියලත් කියයි අර රනිල්... එතකොටවත් ‘‘හා එහෙමද?‘‘ කියලා අහගෙන ඇල් වතුර බීලා නිදාගන්න ප්ලීස්...

:       2       3

චන්දන Monday, 30 January 2023 01:21 PM

මේ මෝඩ ඇමතියට ඕක තේරෙන්නේ නැහැ . බේකරි නිෂ්පාදන විතරක් නෙවෙයි , සියලු භාණ්ඩ මිල වැඩි වෙනවා . වතුර බිලත් ඒ එක්කම වැඩි වෙනවා

:       2       7

fairoos Monday, 30 January 2023 02:16 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව රටනැත්තටම නැතිකරලා තමයි යන්න යන්නේ...

:       0       1

චන්දන Monday, 30 January 2023 03:34 PM

ව්‍යාපාරිකයන් ට අධික බදු පනවන්නෙ නැත්තෙ ඒව වක්‍රාකාරයෙන් පොදුවේ මහජනතාව ට බලපානවා කියල කවුද පහුගිය දවස්වල කිවුවා . එයාගෙන් අහන්නෙ විදුලිය බිල වැඩි කළාම එහෙම වෙන්නේ නැති ද කියල .

:       0       2

liyanna Tuesday, 31 January 2023 08:59 AM

එක එක බෙකරි වල විවිඩ හැඩේ විවිඩ බර. පාරිබොගිකයින්ට පාන් කිරල මිලදී ගන්න ක්‍රමවෙදයක් හදුන්වාදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site