IMG-LOGO

වැඩි මිලට ඉන්ධන විකිණූ කාන්තාවක් අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් දොරනාදිවෙල ප්‍රදේශයේ නිවසක ඉන්ධන අලෙවි කරමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් , අද (12) සවස අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසයි. 

පොලීසියට ලද තොරතුරක් මත එම කාන්තාවගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ ඩීසල් ලීටර් 80 ක් සහ පෙට්රල් ලීටර් 35 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

ඉන්ධනහල්වල අලෙවි කෙරෙන මිලට වඩා ඉන්ධන ලීටරයක් රුපියල් 50 ක වැඩි මිලට අලෙවි කරමින් සිටියදී කාන්තාව මෙලෙස අත් අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලීසිය පවසයි. 

මේ සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත මුණසිංහ මහතා ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඩයස් මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතිණි. 
 



අදහස් (1)

වැඩි මිලට ඉන්ධන විකිණූ කාන්තාවක් අත්අඩංගුවට

පියල් Wednesday, 13 April 2022 06:44 AM

ඉතින් අල්ලයි...යකෝ උනුත් කීයක් හරි හොයා ගත්තාවෙකො.. සේවයක්නෙ කරන්නෙ.. පෝලිමේ කීදෙනෙක් අඩු වෙනවද ඔය ගෑනි හින්ද..සුනාමි සල්ලිත් හොරාකාපු එකා රජ කරන රටේ ඔය ගෑනිව නිදහස් කරපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site