IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැටුපෙන් අඩක් ගෙවීම සැප්තැම්බරය දක්වා

(ඩයනා උදයංගනී) 


කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරී සඳහා නොගෙන්වන පෞද්ගලික අංශ සේවකයින්ට වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500ක් ගෙවීමට හාම්පුතුන්ගේ සංගම් සමඟ ඇතිකරගත් එකඟතාවය සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.


පෞද්ගලික අංශයේ සේවකයන්, හාම්පුතුන්, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර කොරෝනා තත්ත්වය හේතුවෙන් රැකියාවට නොපැමිණෙන අයට වැටුපෙන් 50% ක් හෝ මසකට 14,500ක් ගෙවීමට විදේශ සබඳතා, රැකී රක්‍ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එකඟතාවක් ඇතිකරගෙන තිබූ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


මෙම එකඟතාව ජූලි මාසයෙන් අවසන් වූ අතර එය සැප්තැම්බර් මාසය දක්වාම දීර්ඝ කිරීමට විදේශ සබඳතා, රැකී රක්‍ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.


කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සමහර ආයතනවලට තවමත් කැඳවන්නේ සේවකයින්ගෙන් කොටසක් පමණක් බැවින් නොකැඳවන සේවකයින් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය.


ඒ අනුව එම සේවකයින්ට වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක් යන කොන්දේසිය අනුව වැඩිම මුදලක් ලැබෙන ගෙවීම හිමිවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.


ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (0)

වැටුපෙන් අඩක් ගෙවීම සැප්තැම්බරය දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site