IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විජෙයි ෂාරුක්ගේ වාර්තාව කඩයි

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ෂාරුක් ඛාන් පසුකර යමින් එක් චිත්‍රපටයක් සඳහා වැඩිම වැටුපක් ලැබූ ඉන්දීය නළුවා වීමට කොලිවුඩයේ සුප්‍රසිද්ධ නළුවකු වන විජෙයි සමත්වී ඇත.

විජෙයිගේ මීළඟ චිත්‍රපටය වන "තලපති 69" සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටි 275 ක මුදලක ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 990 ක් පමණ) වැටුපක් ලබා ඇතැයි පැවැසෙයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිවේ බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් වන අතර ඔහු මීට පෙර එක් ච්ත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 250 ක වැටුපක් ලබාගෙන තිබිණි.

එසේම තවත් සුපිරි නළුවකු වන රජිනිකාන්ත් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 220 ක වැටුපක් ලබා ගනිමින් මීට පෙර එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවිය. විජේ දේශපාලනය එළැඹීමට පෙර රංගනයෙන් දායකවන අවසාන චිත්‍රපටය වීමත් මෑතකදී විජේ රඟපෑ ච්ත්‍රපට සියල්ලම පාහේ අතිසාර්ථක වීමත් හේතුවෙන් මේසා විශාල මුදලක් "තලපති 69" චිත්‍රපටය සඳහා අයකර ඇතැයි පැවැසෙයි.

"තලපති 69" චිත්‍රපටය පළමු සති අන්තයේදී ඉන්දීය රුපියල් කෝටි 13.5 ක ආදායමක් ඉන්දියාව තුළ ලබා ගනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

 



අදහස් (1)

විජෙයි ෂාරුක්ගේ වාර්තාව කඩයි

Karl Wednesday, 18 September 2024 12:05 AM

විජෙයි ශාරුක්ගෙ අහලකින් වත් තියන්න බෑ... මූන දැකල තිබ්බට නම දැනගත්තෙත් අද!

:       16       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site