IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විග්නේෂ්වරන්ට එරෙහි මුලික විරෝධතා පිළිබඳ නියෝගය කල්යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
 
අභියාචනාධිකරණ තීන්දුවක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව  පිළිබද නියෝගය ලබන දෙසැම්බර් 10  දිනට කල් තැබීමට අද  (16) අභියාචනාධිකරණය දින නියම  කළේය.
 
උතුරු පළාත් මහ ඇමතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කූමුදුනී වික‍්‍රමසිංහ සහ  ජනක් ද සිල්වා මහත්ම මහත්මින් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද(16)  කැදවූ අතර එහිදී විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග කෙරිණි.
 
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.
 
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත  අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව  ඉකුත් ජුනි 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
එම නියෝගය පරිදි තමන්ව අමාත්‍යධූරයෙන් පිහිටවීම ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත්,   ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
 
එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ පී.සිවනෙෂන් යන අයට  අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා ඉකුත් අගෝස්තු 08 වැනිදා නොතීසි නිකුත් කළ අතර ඒ අනුව ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා සහ ඇතුළු අමාත්‍යවරුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.
 
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන් මහතා  අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට මෙම අධිකරණයට බලයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන බවත්. ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් දැනුම් දුන්නේය
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් සඳහන් කර සිටින්නේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
නමුත්  එම නියෝග ක‍්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද  හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණයට පෙන්වා දේ.
උතුරු පළාත් මහ ඇමති වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.
 

 



අදහස් (0)

විග්නේෂ්වරන්ට එරෙහි මුලික විරෝධතා පිළිබඳ නියෝගය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site