IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විග්නේෂ්වරන්ගේ පෙත්සම ඉවත⁣ට

 
(තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට තමන් ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය එරෙහිව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.


මෙම අභියාචන පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම පෙත්සම ඉවත දමන ලදී.


ඉකුත් වසරේ උතුරු පළාත් සභාවේ ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර එම නිවේදනයට එරෙහිව පී. ඩෙනීෂ්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.


මෙහි වගඋත්තරකරු වශයෙන් උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.


පළාත් මහ ඇමැතිවරයකු ගත් තීරණයක් වළක්වාලීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවත් , එබැවින් එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම අභියාචන පෙත්සම ගොනු කරන ලදී.



අදහස් (0)

විග්නේෂ්වරන්ගේ පෙත්සම ඉවත⁣ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site