ලොව පැරැණිතම වනාන්තරයට අයත් ශාකවල එසේත් නැතිනම් ගස්වල පොසිල හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිල හමුවී ඇත්තේ නිරිතදිග එංගලන්තයේ පොසිල කැණීම් භූමියකිනි. එම පොසිල ගස්, අවුරුදු මිලියන 390 ක් පැරැණි බව තහවුරු වී ඇත.
නිරිතදිග එංගලන්තයෙන් සොයාගත්, මේ වනවිට වඳ වී ගිය මෙම ඉපැරැණි ගස් වර්ගය හැඳින්වෙන්නේ, ක්ලැඩොක්සිලොප්සයිඩ් Cladoxylopsids නමිනි. මේ ගස් සමීප නෑකම් දක්වන්නේ, මීවන සහ ස්පෙනොප්සයිඩ් වැනි ශාකවලට යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස් මීටර් 4 ක් හෝ පහක් පමණක් උසට වැඩෙන්න ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර, ලොව පැරැණිම වනාන්තරයට අයත් ගස් ලෙස හඳුනාගෙන තිබුණේ 2020 වසරේ දී හමුවුණු පොසිල ගස්ය. කාල නිර්ණය අනුව, 2020 වසරේ දී හමුවුණු එම පොසිල ගස්, අවුරුදු මිලියන 386 ක් පැරැණිය. එම පොසිල ගස් හමුවූයේ ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ, හඩ්සන් ගංගාවට බටහිර දෙසින් ගිල්බෝවා පළාතේ කැණීමකදීය.
(ඩේලිමේල්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ලොව පැරණිම ගස් පොසිල හමුවෙලා
සෙනෙවිරත්න Sunday, 10 March 2024 03:20 PM
එතකොට ඔය කාලේ මිනිස්සු නැත්නම් කොහොමද මැරි මැරි නැවත ඉපදෙන්නේ...?