(මනෝප්‍රිය ගුණසේකර)
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරයකුට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුගේ ඡන්ද අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අද (09) අහිමි කළේය.
ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරියකු සිය රාජකාරී වගකීම් ඉටුකිරීම සඳහා ද්‍රරිදතාවයෙන් පෙළෙන අහිංසක, දුප්පත් කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිළිකුල් සහගත යැයි පෙන්වා දුන් විනිසුරුවරයා දරුවා සුවපත් කරගැනීමට වෙහෙසෙන 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට රාජ්‍ය නිලධාරියකු පෙළඹීම ඉතාම ශෝචනීය තත්වයක් බව විත්තිකරුට දඬුවම් පමුණුවමින් විනිසුරුවරයා සඳහන් කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඡන්ද අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමි කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයයා ඇතු`ථ සිය`ථ රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළේය.
වසර 09ක කාලයකට පෙර තිස්සමහාරාම ප්‍රදේශයේදී ලිංගික අල්ලස් ඉල්ලා ලබාගැනීමට උත්සහා කිරීමේදී අල්ලස් නිලධාරීන්ට හසුවු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරයකු වු රුවන් ප්‍රදීප් මධුශංක නමැත්තාට මෙලෙස දඬුවම් නියම විය.
2015 මාර්තු 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තිස්සමහාරාම ප්‍රදේශයේදී රාජ්‍ය නිලධාරීයකු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’ ලෙස සේවය කරමින් සිටියදී රාජකාරී කටයුත්තක් කරදීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පැමිණිලිකාරිය 30 හැවරිදි තිදරු මවක බවත් ඇගේ හත් හැවිරිදි දරුවා වකුගඩු ආබාධයෙන් පෙළන බවත් දරුවාට සැත්කමක් කිරීම සඳහා රජයෙන් සහනාධාර ලබාදෙන බවත් හෙළි විය.
රජයෙන් දෙන එම සහනාධාරය ලබා ගැනීමට විත්තිකරු අනුමැතිය දියයුතු බවත් එම අනුමැතිය දීම සඳහා විත්තිකරු පැමිණිලිකාර තිදරු මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවත් නඩු විභාගයේදී හෙළි වු අතර ලිංගික අල්ලස ගැනීම සඳහා විත්තිකරු පැමිණිලිකාර මව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් ඇති බවත් ලිංගික අල්ලස ගැනීම සඳහා සුදානම්ව සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙළි විය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා සියළු චෝදනාවන්ට විත්තිකරු වරදකරු බවට තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධක්‍ෂක නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් ඇතැම් රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීම මේ වන විට පුරුද්දක් කර ගෙන ඇතැයිද ඔවුන් ඇතු`ථ සිය`ථ රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් වන අන්දමට විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
අපරාධයේ බරපතළභාවය සැලකිල්ලට ගැනීමේදී විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කිරීමට හැකියාවක් නැතැයි අවධාරණය කරමින් විත්තිකරුට නියම කළ වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාලය වසර 10කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධක්‍ෂක නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
බකල ජයා Friday, 09 May 2025 05:56 PM
මේ නිලධාරියා ස්ත්‍රී ලෝලියෙක් වුනත් ටයිම් ට්‍රැවලර් කෙනෙක් හින්දා වසර විස්ස දහයකින් ගෙවෙන්න නියම කරලා....
Rifan Friday, 09 May 2025 09:04 PM
දැඩි දඬුවම් නම් වසර 20 දෙන්න ඕනෑ... ඒකේ තවත් විහිළුවක් මොකටද?. ප්‍රජා අයිතියත් නැති කරන්න ඕනෑ. මෙවැනි පිරිස් තවත් ඉන්නවා රාජ්‍ය සේවය තුළ...