
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසූ මෙම මැණික මේ වන විට කටුනායක ගුවන්තොටුපලේ තිබෙන බව වාර්තා වේ.
මෙම මැණික් පොකුර ස්විස්ටර්ලන්තයේ ‘ගබ්ලින් ජෙම් ලැබ්’ නැමැති විද්‍යාගාරයේ කළ පරීක්ෂණවලින් අවම වටිනාකම රුපියල් මිලියන 2000 ක් හෙවත් කෝටි 200 ක් පමණ බවට තක්සේරු කර ඇති බවත් ස්වර්ණාභරණ අධිකාරිය එවකට පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.