IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට


සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත. එම වරකාපොළ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන විධායක නිලධාරී (Designate) මතීෂ හේවාවිතාරණ යන මහත්වරුන් සහ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ප්‍රාදේශීය ලේකම් රංගන සංජීව මහතා සහ ග්‍රාම නිලධාරී ඒ. වී. කේ. හරිස්චන්ද්‍ර මහත්මිය ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

කොළඹ -නුවර A1 මහා මාර්ගයට යාබදව කෑගල්ල දිස්ත්‍රික්කයේ හදවත බඳු ස්ථානයක පිහිටි වරකාපොළ සොබාව සෞන්දර්යයෙන් අනූන සෞම්‍ය දේශගුණයකින් හෙබි කුඩා නගරයකි. දර්ශනීය කඳු පන්තියකින් හා අල්ගම ඇල්ල, දුනුමාල ඇල්ල හා තෙලි ඇල්ල යන දියඇලි වලින් වටවූ වරකාපොළ හරිත පැහැයෙන් දිදුලන්නේ කන්ද උඩරට රාජධානියේ මහනුවර යුගයේ පෞරාණික වටිනාකම් රැසක්ද සමගිනි. නාගරික සංවර්ධන පහසුකම්වලින් සහ බහු සංස්කෘතික විවිධත්වයෙන් පිරිපුන් වත්මන් වරකාපොළ නගරය දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට ලක්වූ වැදගත් කේන්ද්‍රස්ථානයකි.    

වරකාපොළ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් “අපගේ 60 වැනි ශාඛාව සොබාව සෞන්දර්යයෙන් හා සංස්කෘතික වටිනාකම් රැසකින් සමන්විත මිශ්‍ර ආර්ථික වටපිටාවක දියුණු වීමේ අභිලාශය ඇති ජනතාවක් වෙසෙන වරකාපොළ නගරයට රැගෙන ඒමට හැකිවීම පිළිබඳ බෙහෙවින් සතුටුවනවා. ඔබේ මූල්‍ය අවශ්‍යතාව කුමක් වුවත් සියපත ෆිනෑන්ස් වෙතින් නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාගෙන ඔබේ ජීවන තත්ත්වය උසස් කරදීමට අපගේ කා ර්ය මණ්ඩලය සූදානම්!” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම වරකාපොළ ශාඛාව වෙතින් වරකාපොළ ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා දියුණු වීමේ අභිලාශය ඇති තරුණ තරුණියන් ප්‍රමුඛ ජනතාවට අවශ්‍ය ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ෆැක්ටරින්,fast draft සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමඟ Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.

දිත්වා සුළි කුණාටුවෙන් රටටත් ජනතාවටත් වූ පීඩාකාරීබව සලකා බලා සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාරීත්වය වරකාපොළ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව වෙනදා මෙන් උත්සවාකාරයෙන් නොපැවැත්වීය. ඒ සඳහා ඇස්තමේන්තුගත කොට තිබූ මුදල වරකාපොළ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙත වියළි ආහාර ද්‍රව්‍ය හා ආහාරපාන බෙදාදීම වෙනුවෙන් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සංජීව මහතා වෙත භාරදීම පසුගියදා සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර ආනන්ද සෙනෙවිරත්න මහතා ඇතුළු ජේෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත්විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.

වරකාපොළ සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 035 7687615 අමතන්න, නැතහොත් අංක 151, නුවර පාර, වරකාපොළ ලිපිනයේ පිහිටි ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩි විස්තර සඳහා www.siyapatha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

මාධ්‍ය විමසීම්:
චම්පිකා තල්ගොඩපිටිය - කළමනාකාරිණී - සන්නාම හා සන්නිවේදන      
0773 856 757

[email protected] 




අදහස් (0)

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 791 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site