
(ගයාන් සූරිය ආරච්චි)
නව වසරේ රථ වාහන සහ මාර්ග ආරක්ෂාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 9000 ක් දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
වාර්තා වන රිය අනතුරු වලින් සියයට85 ක් පමණක් මානසික හේතූන් මත වාර්තාවන අපරාධ ලෙස හඳුනාගෙන ඇති බවත් ඉවසීම, විනය, රථ වාහන නීතියට අනුගතනොවීම, යුක්ති සහගත ලෙස සැලකිල්ලක් නොදැක්වීම එම මානසික හේතූන් ලෙස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යාන්ත්‍රික දෝෂ හේතුවෙන් සියයට 15 ක් පමණ රිය අනතුරු සිදුවන අතර ටයර්, තිරිංග, සංඥා විදුලි පහන්, අම්බලන් වූ තත්වයන් ඇතුළු සියලු කරුණු කාරණා යාන්ත්‍රික දෝෂ හැටියට හඳුනාගෙන ඇති බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඉස්සර කිරීම, වම සහ දකුණට හැරවීමේ දී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම රථ වාහන අනතුරුවලට ප්‍රධාන කරුණක් බවය.
2024 වසරේ මාර රිය අනතුරු 2287 කින් 2388 ක් අකාලයේ මියගොස් ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගිය වසරේ මාරක රිය අනතුරු 2562 කින් 2710 ක් අකාලයේ මියගොස් ඇති බවය.
ඉකුත් 2024 වසර සහ පසුගිය වසර සංසන්දනය කිරීමේ දී 322 ක් පසුගිය වසරේ වැඩිපුර මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
167
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
791
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරුවලින් සියයට 85කට මානසික හේතුන් බලපාලා