IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලංගම බසයට යට වූ මව සහ පුතා මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල රෝහලට ආසන්නයේ පිහිටි පිරිවෙන ආසන්නයේදී ඊයෙ 1 වෙනිදා දහවල් එකට පමණ මාර්ගයේ පෙරලී ගිය යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ මව සහ පුතා එම ස්ථානයේදීම මිය ගිය බව ගොකරැල්ල පොලිසිය පවසයි.

මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මැල්සිරිපුර නීරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36 වයසැති රත්නායක සහ හැට දෙහැවිරිදි කමලාවතී යන මව සහ පුතා ය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ පසුවන සිය බිරිඳ බැලීමට මවද සමග  යතුරුපැදියෙන් යද්දී මෙම අනතුර සිදුව  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කිසියම් හේතුවක් මත යතුරු පැදිය මාර්ගයේ පෙරළී යාමෙන් පසු කොළඹ සිට හොරොව්පතාන දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ හැපී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ලංගම බස් රථයේ රියදුරු මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (2)

ලංගම බසයට යට වූ මව සහ පුතා මරුට

ganegoda Wednesday, 01 February 2023 03:22 PM

අයි මෙතනදිත් බස් රියදුරාට වෙට්ටුවක් ඩාල මෙ මනුස්සයින්ව බේරගන්න බැරිඋනෙ ? මාසයකට කොපමන මනුස්සයින් බස්වලට විතරක් යටවෙලා මැරෙනවද ?

:       7       4

උධුලී Wednesday, 01 February 2023 11:55 PM

ඔබලා දෙදෙනාටම නිවන්සුව ලැබෙන තෙක් මෙවැනි අකල් මරණයක් නොමවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site