IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැබූ විශ්වාසය ගැන සිහි තබා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් රකිනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වන බවත් ලංකා සභාව ජනපති පදවි ප්‍රාප්තිය පිළිබඳ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙරට ජනතාවට සාමාන්‍ය පරිදි ජීවිත ගත කිරීමට හැකිවන පරිදි සුමට බල හුවමාරුවක් සහ සිවිල් ජන ජීවිතය ඉක්මනින් යථා තත්වයට පත් කිරීමක් අපේක්ෂා කරන බවද ලංකා සභාව පැවැසුවේය. තමාට ඡන්දය නොදුන් ජනතාව ඇතුළු මේ රටේ සියලුම ජනතාවගේ ජනාධිපතිවරයා තමා බව නව ජනාධිපතිතුමා මතක තබා ගත යුතු බවත් එම පිරිසට වාර්ගික සහ ආගමික සුළුතරයක් මෙන්ම සමාජයේ කොන්වී සිටින බොහෝ අයද ඇතුළත් බවද මතක තබා ගත යුතු බවත් ලංකා සභාව ප්‍රකාශ කළේය.

බියෙන් හා තැතිගැනීමෙන් තොරව තම ඡන්ද බලය භාවිත කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණු සාමකාමී, සන්සුන් හා සාධාරණ මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වීම ප්‍රශංසනීය බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා කටයුතු කළ සියලුම පාර්ශවවලට ස්තුතිය පළ කරන බවත් ලංකා සභාව පැවැසුවේය.

මැතිවරණ සමය සහ මැතිවරණ දිනය මෙරට ජනතාවගේ පරිණතභාවයට සහ රටේ අඛණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට සාක්ෂියක් වූ බවද ලංකා සභාව ප්‍රකාශ කළේය.මෙවර මැතිවරණයේදී පොලිතින් භාවිතයේ, විශාල පුවරු සහ පෝස්ටර් භාවිතයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණු බවද ලංකා සභාව පැවැසුවේය.

නව ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඥාති සංග්‍රහය, ගජ මිතුරුකම්, දූෂණය සහ මැතිවරණ ආසන්නයේදී අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ පැතිමාරුවීම් ජනතාව ප්‍රතික්ෂේප කිරීමක් බවද ලංකා සභාව ප්‍රකාශ කළේය. අධික ණය බර නිසාත් ලාභදායි ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව නොමැති කම නිසාත් මෙරට ජනතාව ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරතවන බවද ලංකා සභාව පැවැසුවේය.

නව පරිපාලනය කැපවීමෙන් සහ කඩිනමින් යුතුව සිය වැඩකටයුතු ආරම්භ කර රටේ මූලික ප්‍රශ්නවලට ඉතාමත් ඉක්මනින් විසඳුම් සෙවීමේ අභියෝගය සමග පොරබදනු ඇතැයි බලාපොරොත්තු වන බවත් දැන් කතාවන් ක්‍රියාත්මක කිරීමට කාලය බවත් ලංකා සභාව ප්‍රකාශ කළේය.

කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමන්ලාගේ අත්සනින් යුතුව මෙම සුබ පැතුම් පණිවුඩය ලංකා සභාව නිකුත් කර තිබිණි.



අදහස් (0)

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site