IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ලංකා වතුසේවක සංගමයේ විරෝධතාවක් මස්කෙළියේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ලංකා වතු සේවා සංගමයේ  සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව වහා තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින්  මස්කෙළිය-හැටන් ප්‍රධාන මාර්ගයේ, මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී  අද (31) නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.

විරෝධතා පුවරු අතැතිව මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.

ලංකා වතු සේවා සංගමයේ සේවකයින්ට සේවා කාලවලදී තේ වතු කේෂත්‍රයේ සේවය නොකරන පිටස්තර පුද්ගලයින් විසින් සිදු කරන පහරදීම් වැඩිව ඇති නිසා   ඔවුන් මෙම උද්ඝෝසණය සංවිධානය කර තිබිණි.

මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ ට්‍රැක්ටර් රියදුරෙකුට එම වතුයායේම පදිංචි  පුද්ගලයෙකු විසින් (29) දා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ආසන්න හේතුවක් කර ගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව ලංකා වතු සේවා සංගමයේ විධායක කමිටු සාමාජික එස්. චන්ද්‍රමදන් මහතා මෙහිදීමාධ්‍යට පැවසීය.

 



අදහස් (0)

ලංකා වතුසේවක සංගමයේ විරෝධතාවක් මස්කෙළියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site