IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 60 ක දේපල සොරා ගත් සංචාරක මඟපෙන්වන්නෙකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

භාෂා 7 ක හසල දැනුමක් ඇති සංචාරක මඟ පෙන්වන්නෙකු රුපියල් ලක්ෂ 60 කට අධික සොරාගත් දේපළ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

සැකකරු එලෙස සොරාගෙන තිබූ නවීන මාදිලියේ ලැෆ්ටොෆ්  පරිගණක හතක් , පාපැදි තුනක් , රූපවාහිනි යන්ත්‍රයක් , ජංගම දුරකථන ,  රුපියල් ලක්ෂ පහකට ආසන්න තීන්ත තොගයක් පොලිස් බාරයට ගෙන ඇත

කොල්ලුපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයක් වන්දනාමාන කිරීම සඳහා පැමිණි විශ්ව විද්‍යාල සිසුවකුගේ  ලැෆ්ටොෆ් පරිගණකයක් අඩංගු බෑගයක්, ලැෆ්ටොෆ් පරිගණකයක් නොමැති බෑගයක්  තබා පුද්ගලයකු ඉතා සූක්‍ෂම අයුරින් රැගෙන යන අයුරු එහි සවි කර තිබූ සීසිටීවී කැමරාවක සටහන්ව තිබිණි.

එම දර්ශනවල සිටින පුද්ගලයා දෙහිවල වැල්ල ප්‍රදේශයේ නිවසක දිවි ගෙවන පුද්ගලයෙක් බවට පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොලිස් වසම් පහක ඉකුත් වසරක පමණ කාලය තුළ සිදු වූ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයා බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බම්බලපිටිය කොල්ලූපිටිය වැල්ලවත්ත ගල්කිස්ස හා දෙහිවල පොලිස් පොලිස් වසම්වල සැකකරු සිදු කළ සොරකම් අටක තොරතුරු අනාවරණය කළ අතර ඒවයෙන් සොරා ගත් දේපල ද සැකකරු පදිංචිව සිටි නිවස තුළ හා ස්ටේට් පුර දෙහිවල ගල්කිස්ස හා කොහුවල ඇතුළු කොළඹ අවට පදිංචි පුද්ගලයන්ට  අඩු මුදලට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු නාත්තන්ඩියේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සංචාරක මගපෙන්වීමේ රැකියාවේ යෙදෙන්නෙකි. 

32 හැවිරිදි  සැකකරු ඉංග්‍රීසි, දෙමළ, සිංහල, හින්දු, අරාබි, රුසියන් හා ජර්මන් භාෂාවෙන්  කතා කිරීමේ නිපුණත්වයක් ලබා ඇත්තෙකු බවද පොලිසිය සඳහන් කරයි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර ස්ථානාධිපති   සුමින් ජයසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක දෙක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක මහතාගේ මෙහෙයවීමෙන්  පොලිස් සැරයන්  56958 ප්‍රසන්න 60161 වසන්ත 61249 ලංකා 40730 දනුශ්ක ,පොලිස් කොස්තාපල් වරුන්වන 83774 සුදීර  104607 සෙනෙවිරත්න  මහත්වරුන් පරීක්ෂණ පවත්වයි 

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (2)

ලක්ෂ 60 ක දේපල සොරා ගත් සංචාරක මඟපෙන්වන්නෙකු අල්ලයි

Kamal Koyrala Thursday, 05 December 2024 12:19 PM

මොහුට දඬුවම් කරන්න එපා. හොර බඩු මලදීගත් අයට දැඩි දඬුවම් පමුණුවන්න සැමට දැනෙන්න .එවිට මෙවැනි හොරකම් නැතිවේවි

:       3       9

රම්බොඩ Thursday, 05 December 2024 01:20 PM

බොහෝ විට මෙයාලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය. භාෂා දක්ෂතාවලිනුත් වැඩක් නෑ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site