(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික වටිනා පෙර ගෙවුම් කාඩ්පත් සොරාගත් පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු සහ 17 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
සොරා ගත් පෙර ගෙවුම් කාඩ් පත් තොගයෙන් 19 ලක්ෂ 83000 ක් වටිනා පෙර ගෙවුම් කාඩ් පත් තොගයක් සොරකමට සම්බන්ධ අනෙක් සැකකරුගේ 17 හැවිරිදි පෙම්වතිය භාරයේ තිබියදී සොර බඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මීට මාසයකට පමණ ඉහතදී එම නියෝජිත ආයතනයේ ඉහළ මහලට යාබද තාප්පය මතින් නැඟ තිබූ සැකකරු සහ තවත් පුද්ගලයකු විදුලිය විසන්ධි කර එහි ඉදිරිපස දොර කඩා ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට වටිනා දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් සහ අන්තර්ජාල පෙර ගෙවුම් කාඩ් පත් තොගයක් සොරාගෙන ගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු