(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
"Clean Sri Lanka" වැඩපිළිවෙළ යථාවත් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාල කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය.
බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න
Chathura Dolahamuna Monday, 30 December 2024 10:21 PM
අංක එක, මිනිස්සුන්ට තැනකට ගිහින් අපවිත්‍ර නොකර සංවරව හැසිරෙන්න උගන්වන. ඒකෙන්ම අපේ රට ගොඩාක් ලස්සන වෙයි. ගියොත් තැනක් විනාශ කරලා එන්න තමයි පුරැදු වෙලා ඉන්නේ.
Ajith Tuesday, 31 December 2024 04:49 AM
ගුවන් තොටුපල හරියට හදන්න. අතුලත සහ පිටත සිටින මැරයන් ඡාවාරම් කරුවන් ඉවත් කරන්න.
pj Tuesday, 31 December 2024 04:54 AM
මේ නඩය අත ගැසුවොත් ඒතැන අවුලක් ෂුවර්.... ඒ නිසා තිබෙන විදිහටම තිබෙන්න හරින්න...රටට ඒ ඇති...
රසික Tuesday, 31 December 2024 06:25 AM
සුන්දර කඳුමුඳුන් මත ආගමික ස්ථාන හැදීම නතර කරන්න. ලවුඩ්ස්පීකර් දාගෙන පරිසරයේ සුන්දරත්වයත් නිශ්ශබ්දතාවයත් වනසනවා.. සල්ලිම හම්බු කිරීම තමා එව්වයෙ අරමුණ .. උදා :- ඇල්ල කුඹල් ඔළුව
Mohamed Tuesday, 31 December 2024 08:28 AM
පිරිසිදු ඉන්දියාව වගේ පිරිසිදු ශ්‍රි ලංකා .. නරේන්ද්‍ර මෝදිගේ අදහසක්