IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලංකාව-පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ

පිලිපීනයේ  නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්  මහතා  අතර  පැවති   ද්විපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව ලංකාව සහ පිලිපීනය අතර  අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තබා තිබේ.

 
දෙරටෙහි රාජ්‍ය නායකයින්ගේ  හමුව එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු  අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබිණි. 
 
 දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමට මුලින්ම අත්සන් තැබුණු අතර , පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ඩෙල්ෆින් එන්. ලොරෙන්සානා  මහතා ඊට අත්සන් තැබුවේය.
 
 ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ගිවිසුමට අත්සන් තැබුවේ ය.
 
ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
 
 ඊට පිලිපීන රජය වෙනුවෙන් පිලිපීන සංචාරක දෙපාර්තමේන්තුවේ ලේකම්  බර්නඩෙත් රොමුසුලෝ පියෙට් මහතා අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තැබුවේ ය.


දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.
 
ඊට ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තැබූ අතර, පිලිපීන රජය වෙනුවෙන් එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්  වෝල්ඩෝ කාප්රෝ මහතා අත්සන් තැබීය.
 
කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා අමාත්‍යවරයා ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා 2 008 වසරේ දී පිලපීනයේ කළ සංචාරයේ දී එවකට පිලිපීනයේ කෘෂිකර්ම ලේකම්වරයා සමඟ  පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අද ජනාධිපතිවරයා ලෙස එතුමා ඉදිරියේ දී මෙම ගිවිසුමට එළැඹීම විශේෂත්වයකි. 
 
ඉන් අනතුරුව අත්සන් තැබුණේ දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට යි.
 
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය ඊට අත්සන් තැබූ අතර පිලිපීන රජය වෙනුවෙන් එරට උසස් අධ්‍යාපන කොමිසමේ  මහාචාර්ය ඩී.වේරා   මහතා අත්සන් තැබීය.
 
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.
 
ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන්ට පශ්චාත් උපාධි පාඨාමාලා සඳහා අවස්ථාව උදාකර දීම එහි අරමුණයි. 
 
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා මහත්මිය හා ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය  ප්‍රනෑන්ඩෝ සී සැන්චේස් මහතා විසින්  ඊට අත්සන් තබන ලදී.

(36698)



අදහස් (8)

ලංකාව-පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ

nb Thursday, 17 January 2019 06:31 AM

අනිත් ඒවා කෙසේ වෙතත්, රටට හානිකරම වන්නේ කෘෂිකර්ම සහයෝගිතා ගිවිසුමයි.

:       6       113

Silva Thursday, 17 January 2019 06:31 AM

ඔන්න පස්සේ කියන්න එපා මම දැක්කෙත් පත්තරෙන් කියලා... හොඳට කියවලා බලලා අත්සන් කරන්න.

:       5       220

ase Thursday, 17 January 2019 07:05 AM

කෝ ගිය ඉතිරි ඇයොන්ගේ පින්තුර ? මේ ඇයො මොටද ගියේ අපේ සල්ලි වලින් ?

:       0       152

atthanayake Thursday, 17 January 2019 07:26 AM

කුඩු ජාවාරම් කාරින්ට මරණ දඩුවම දෙන්නට මොහොතකට හෝ පසුබසින නායකයෙකි ජනපතිදුට රටේ. එම නිවැරදි ක්‍රමයම ලංකාවත් හදුන්වා දෙන්න ජනපති තුමනි. නික්කන් ගමන් පලක් නැත.

:       0       4

Mahesh Thursday, 17 January 2019 07:29 AM

පිට රට වල සංචාරය කරන සහ ජිවත්වන මිනිස්සු දන්නවා අපේ පාස්පෝර්ට් එකට ලෝකයේ තියන තැන. කියන්නත් ඉතාම කණගාටු අපිට සලකන්නේ ඉතාම නරකට !! විකිපීඩියා කියන විදියට මැදි අදායම් රටක් ලෙස ලංකාව මෙපනම පහලට වැටී තිබීම ගැන රටේ පාලන අධිකාරිය වගකිය යුතුය.

:       0       161

AsankaThursday, 17 January 2019 11:07 AM

අපිට ඔය ලෝකේ අනිත් රටවල් වැඩක් නැහැ , අපි 2500 ක ඉතිහාසයක් තියන ප්‍රෟඩ ජාතියක් , ඔහොම නිවට වුනේ නැහැ ලෝකේ ඉස්සරහ මුතුන් මිත්තෝ

:       218       130

kumara Friday, 18 January 2019 04:41 AM

ගොඩබහිනකොට වීසා එකක් අපිට ලබා ගන්න වත් හදා ගත්තනම් නේද මෙහෙම රටකට වත්.

:       0       2

wasudewa Friday, 18 January 2019 04:48 AM

ඔය ගිවිසුම් වලින් අපිට ලැබුණු දේ මොනවද? ඉස්සර නායකයොත් ලෝකේ වටේ ගිහිල්ල මොනතරම් මේ වගේ ගිවිසුම් අත්සන් කරලා ඇත්ද...මහජනතාවට ලැබුණු දෙයක් නම් නැහැ.තවමත් පෙනමානෙක රට දියුණුකරන්න පුළුවන් නායකයෙක් බිහිවෙලා නැහැ.

:       0       129

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 423 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩදී බසයක් ප්‍රපාතයකට පෙරලී අට දෙනෙක් මරුට:37ක් රෝහලට
2025 මැයි මස 11 401 0

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 334 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 309 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 825 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 449 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 832 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1405 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 360 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site