IMG-LOGO

ලංකාව ණය පියවීම නවත්වයි

(විමුක්ති එස් රුද්‍රිගු) 

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති  ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබෙන තෙක්  ශ්‍රී ලංකාව  ණය පියවීම තාවකාලිකව අත් හිටුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට ණය ලබා දුන්  සියලුම රටවල් සහ සමාගම්  සමග එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ෙම් දක්වා ශ්‍රී ලංකාව  ලබා ගෙන  ඇති ණය මුදල් සම්බන්ධයෙන් මෙය බලාත්මක වන අතර අලුත් ණය ලබා ගැනීම් සඳහා මෙය බලාත්මක නොවන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ණය මුදල් ගෙවන ආකාරය නැවත ප්‍රතිව්‍යුහගත කරන තෙක් ණය ලබාදුන් සියලුම රටවල්  සහ සමාගම් වලට  ණය පියවීම අත් හිටුවා ඇති කාල සීමාව සඳහා එම රටවල් සහ සමාගම් ශ්‍රී ලංකාව සමග  එළඹි ගිවිසුම් ප්‍රකාරව පොලිය අය කර ගැනීමට හැකියාව තිබෙන බව එම නිවේදනයේ සටහන් වේ.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සමාගමක් හෝ රාජ්‍යයක් ණය අත් හිටවූ කාල සීමාව තුළ ගෙවීමට ඇති හිග මුදල් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා ගැනීමට කැමැත්ත තිබේ නම් ඒ සඳහා අවකාශ තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

විදෙස් මාධ්‍ය මෙම නිවේදනයට පුළුල් ආවරණයක් ලබා දී තිබූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත් හිටවා ඇති බවත් මෙය ශ්‍රී ලංකාව සතු අවසන් විසඳුම බවත් වාර්තා කළේය.



අදහස් (0)

ලංකාව ණය පියවීම නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site