
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශේෂඥයන් මත පළකර ඇතැයි එරට ග්ලෝබල් ටයිම්ස් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තා කළේය.
ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය ධූර කාලය තුළදී චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික සහ මිත්‍රශීලී ප්‍රවේශයක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරන බව විශේෂඥයන් පෙන්වාදී ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.
විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය අදාළ කර ගනිමින් දේශීය සංවර්ධන උපාය මාර්ගයන්ට මුල පිරීමත් සමග පසුගිය දශකයක කාලය තුළදී ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාව අඛණ්ඩව වර්ධනය වී ඇතැයි එම පුවත්පත පෙන්වා දුන්නේය.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නව පරිපාලනයත් සමග මෙම සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සිංහුවා විශ්වවිද්‍යාලයේ ජාතික උපාය මාර්ග ආයතනයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ චියාන් ෆෙන්ග් මහතා ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඊයේ (22) ප්‍රකාශ කළේය. ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහු නියෝජනය කරන පක්ෂය චීනය සමඟ බොහෝ මතවාදී සමානකම් බෙදාහදා ගන්නා බවත් ශ්‍රී ලංකාව චීනය සමග ඇති සම්බන්ධය දිසානායක මහතා අගය කරන බවත් ෆෙන්ග් මහතා එහිදී පැවැසුවේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව සමග සමබර සබඳතාවක් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි