IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලංකාපුර ප්‍රා.සභාවට රන් සම්මාන දෙකක්

(චාපා මධුභාෂිණි)

වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා 2019 වාර්ෂික තරඟවලියෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාව රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා හා ගිනුම් වාර්තා 2019 තරගාවලියෙන් පළමු ස්ථානය හිමි රන් සම්මානය දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සියලුම රාජ්‍ය ආයතන අතර සිදුකරන වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා තරගාවලියෙදී විශේෂ රන් සම්මානය ලාබගැනීමට ලංකාපුර  ප්‍රාදේශීය සභාව දිනා ගත්තේය.

මෙම විශේෂ රන් සම්මානය පළාත් පාලන ආයතනයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.

මෙම ජයග්‍රහනය සඳහා උතුරුමැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ ගණකාධිකාරි එස්.එස්.එන්. දිසානයක මහතාගේ මඟපෙන්වීම මත මෙම කටයුතු සාර්තකව සිදු කළ බව ප්‍රාදේශීය සභා සභාපති  ඩබ්ලිව්.එම්.එස්.පී.බී. විජේකෝන් මහතා පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම උත්සවයට මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති සංජය බණ්ඩාර, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති වී.කණගසභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුලානි ප්‍රනාන්දු, ශ්‍රී ලංකා  රජ්‍ය මූල්‍ය ගණකාධිකාරුවරුන්ගේ සංගමයේ ලේකම් අචාර්ය අසෙල් අතපත්තු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 



අදහස් (0)

ලංකාපුර ප්‍රා.සභාවට රන් සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site