IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලාංකිකයන් තිදෙනාට ඩුබායි අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කර නෑ

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනාවට වරදකරුවන් කරමින්  ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එක් අයෙකුට ඩිරාම් ලක්ෂ 5 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කිරීමට ලබාදුන් කාලය ඇතුළත එම චූදිතයන් අභියාචනා ගොනු කර නැතැයි ඩුබායි හී පළවන කලීජ් ටයිම්ස් පුවත්පත අද (21) වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය තුළදී චෝදනා ලත් පුද්ගලයන් අභියාචනා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මුලින් ලබාදුන් තීන්දුව අවසන් තීන්දුව බවට එම අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි කලීජ් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩුබායිහි තරු පහේ හෝටලයක ආරක්ෂක භටයින් ලෙස සේවය කළ අවුරුදු 28 ත් - 34 ත් අතර ශ්‍රී  ලාංකිකයන් තිදෙනෙකුට මෙසේ දඩ ගෙවන ලෙසට ඩුබායි අධිකරණය පසුගිය දෙසැම්බර් මස 22 වැනිදා  නියෝග කෙරිණි.

මේ සම්බන්ධයෙන්  පළමුව ඩුබායි අධිකරණය නියෝග කරනු ලැබුවේ පැන වූ  දඩ මුදල් ගෙවා විත්තිකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසය.

ෆෙස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ  මාධ්‍ය ඔස්සේ මෙම චූදිත ලාංකිකයන් තිදෙනා ඉස්ලාම් දහමට අපහාස කළ බවට ඩුබායි අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.

මෙම නඩු විභාගය පසුගිය වසරේ මැයි 19 දා මුලින්ම විභාගයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විවිධ දෑ පළකර තිබූ බව පැමිණිල්ල මෙහෙයවූ ඩුබායි අල් බර්ෂා පොලිසිය මෙම නඩු විභාගයේදී අධිකරණය හමුවේ කියා සිටියේය.

නඩු විභාගයේදී ඔවුන්ගේ දුරකතන වලින් ලබාගත් පණිවිඩ හා ඡායාරූප සාක්ෂි වශයෙන් භාවිත කිරීමටද එම පොලිසිය කටයුතු කර තිබිණි.

මුලින්ම නඩු විභාගය තුළද චෝදනා ලැබ සිටි ලාංකිකයින් සඳහන් කර සිටියේ ඉස්ලාම් දහමට අපහාස කිරිමේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්  ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහිව පමණක් අදහස් පළකළ බවත්ය.

කෙසේ වෙතත් ඩුබායි මාධ්‍ය වාර්තා සඳහන් කළේ නඩු විභාගය අතර තුළදී ඔවුන් අදාළ චෝදනා පිළිගත් බවය.

(125)



අදහස් (0)

ලාංකිකයන් තිදෙනාට ඩුබායි අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site