IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි

(අංජුල මහික වීරරත්න)

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි (Mizukoshi Hideaki) මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා (Mizukoshi Hideaki) අතර ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජපාන තානාපතිවරයා මේ බව කීය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.

 ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂාව හැදෑරීමට සහ ජපානයේ රැකියා සඳහා අවස්ථා සලසා දීමට සහාය වන බවට ද ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා ජනාධිපතිවරයා හමුවේ සහතික විය.



අදහස් (4)

ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි

පුරවැසියා Wednesday, 02 October 2024 05:08 PM

අරිගතෝ ඔසයිමස් යමතේ කුදසායි. සජිත් මහත්තයා ගෙන් අනුමැතිය හම්බ උනාද

:       0       1

de silva berlin Wednesday, 02 October 2024 05:34 PM

ලංකාවේ නගර කිහිපයක රජය මගින් ඉදිකර දැනට පවත්වාගෙන යන කාර්මික විද්‍යාල තිබෙනවා නමුත් මේවගේ පරිපාලනය අවුල්. විෂය නිර්දේශ 80 , 90 දශකවල ඒවා , මෙම පාඨමාලා මාස 3කට සීමාවෙලා තිබෙනවා, බොහෝවිට මේවගේ උගන්වන්නේ පොතේ දැනුම පමණි. සේවය කරන සමහර ගුරුවරු විෂය දන්නේ නැහැ. කරුණාකර පුලුවන්නම් තාවකාලිකව හෝ මේ කාර්මික විද්‍යාල වල පරිපාලනය භාර ගෙන අද කාලයට ගැලපෙන විෂය නිර්දේශයක් යටතේ ජපානයේ දැනුම අපේ රටට ලබා දෙනවා නම් එක අපට කරන ලොකු උපකාරයක්.

:       0       0

පොඩිඑකා Wednesday, 02 October 2024 07:29 PM

රනිල් මුත්තා කිව්ව ගෑස් පෝලිං, තෙල් පෝලිං කෙසේ වෙතත්, අනුර සහෝදරයා හමුවෙන්න තානාපති පෝලිමක් නං හැදිලා තියෙනවා!

:       2       10

chandima Wednesday, 02 October 2024 11:34 PM

දැන් සජිතුත් ජපන් පන්ති දානව කියනව නෙද?

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site