IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රුපියල හිස ඔසවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ  වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකය පෙන්වා දී ඇත.

ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ  වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබේ.එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සියයට 45.62 කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානයට පත්ව තිබූ අතර එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම වසරේ ජනවාරි 13 වැනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 47.69 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබුණි.

ඒ අනුව පසුගිය දර්ශකයට සාපේක්ෂව නව දර්ශකයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 2.07 කින් ශක්තිමත් වී ඇත.



අදහස් (5)

රුපියල හිස ඔසවයි

Muthu Wednesday, 25 January 2023 04:08 PM

එක දවසක් ජීවත් වෙන්න ජීවිතය යදින මිනිස්සු ඉන්න පිළිකා රෝහලේ බෙහෙත් ගේන්න ඩොලර් නෑ. රට ජාතියේ දරුවන්ගේ විශාලම අභියෝග විභාගයට පාඩම් කරන්න විදුලිය දෙන්න ඩොලර් නෑ. බැංකු පද්ධතිය ඇතුලේ ඩොලර් ඇත්තේම නෑ. ඩොලර් එක හිරකරලා නිසා රටට ඩොලර් එන්නේ නෑ. මොකක්ද මේ ස්ථාවර වෙලා තියෙන්නේ කියලා ආච්චිලා, සීයලා හිටන් කතාවෙනවා.

:       9       16

JagathSWednesday, 25 January 2023 06:53 PM

කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව මේ වගේ මුග්ද කමෙන්ට් දාන්න එපා. කව්ද ඩොලර් එක හිරකරල තියෙන්නෙ? මහබැංකූවට තව දුරටක් ඩොලර් පුච්ච පුච්ච රුපියල අල්ලන් ඉන්න බෑ. ඩොලර් රටට එන්නෙ නැත්තෙ ඩොලර් එවන අය හොර පාරෙන් එවන නිසා. දේශපාලකයො හොරුයි කියල ඊට වඩා කම්බ හොරු හරහා සල්ලි එවනව.

:       5       6

Mo77 Wednesday, 25 January 2023 07:02 PM

නන්දලාල් කෘතිමව ඕ කියලා පාලනය කරන ව

:       4       0

Dissanayake Thursday, 26 January 2023 11:37 AM

බංකොළොත් උනාම ඔහොම තමයි. මේ තත්ත්වය මත ඇති බෙහෙත් නැති වී නොමැරී ඉන්න වා. තව ටික දවසකින් ප්‍රශ්න ය විසදෙයි මහ බැංකුව කියන විදිහට

:       3       1

pakeer Saturday, 28 January 2023 12:29 AM

මට පුදුමේ දවසට කෝටි 1400ක් ණයවෙනකොට කොහොමද මේ රුපියල නගින්නේ.. කියලා..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 221 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site