IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්සේ දුම්රිය වැගන්වල

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ  කෝටි ගණනක වටිනා  ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැගන් වල  ඉවත් නොකර රඳවා තැබීම හේතුවෙන්  ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතුණ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රෝහල්වලට බෙදා හැරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානයට පසුගිය වසරේ මුල් මාස හයක  කාලයේදී යවනු ලැබූ ඖෂධ තොග  වගකිවයුතු සෞඛ්‍ය  ආයතන කලට වෙලාවට  ඉවත් කර නොගැනීම නිසා  මේ තත්වය මතුවූ බව එම වාර්තාවේ දැක්වේ.

මෙම ඖෂධ ඉවත් කර නොගැනීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුවල  එකතු වටිනාකම රුපියල් ලක්ෂ පණහකට ආසන්නය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විගණනයට පවසා ඇත්තේ දුම්රිය ගැල්මගින් වෛද්‍ය සැපයීම්  තොග බෙදාහැරීම වඩා ප්‍රායෝගික නොවන බව පෙනී ගියද රජයට වඩාත් වාසිදායක හා පහසුම ක්‍රමය මෙය බවයි.

වෛද්‍ය සැපයීම්   ප්‍රවාහනයට  ලොරි රථ ප්‍රමාණවත් නොමැති වීමත් ලැබෙන තොග ගබඩා කිරීමට ඉඩ ප්‍රමාණවත් නොමැති වීමත් හේතුවෙන් ඖෂධ තොග දුම්රිය ගැල් මගින් ආයතන වෙත යොමු කරන බවද  සෞඛ්‍ය ප්‍රධානීන්  වැඩිදුරටත්  පවසා ඇත.

 

 

 



අදහස් (5)

රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්සේ දුම්රිය වැගන්වල

Nandasena Thursday, 31 October 2024 06:52 AM

නිළධාරි මෙහෙම අනවධානයෙන් අකාර්යක්ෂමතව කටයුතු කරනවා නම් රට අගාධයකට වැටීමට දේශපාලුවො වරදකරුවන් වෙන්නේ කොහොමද මේවා කරන්න සෞඛ්‍ය ඇමැතිවරයාම එන්න ඕනද අවුරුදු 76 ක් හිටපු පාලකයන්ට දොස් කියලා හරියන්නේ කොහොමද රටේ විනාශය සදහා නිළධාරි 75% ක් වගකිවයුතුය කියලා මෙයින් පේනවා සුදුසුකම් නොසළකා දේශපාලන හිතවතුන්ට රැකියා දීම මෙයට ප්‍රධාන හේතුවක් වෙනවා..

:       0       0

TGL Thursday, 31 October 2024 08:46 AM

ලොරි කතාවක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ, බඩු ටික වෙලාවට බාර අරන් නැති කමනේ, සෞඛ්‍ය ලොක්කෝ බයිලානේ ගහන්නේ, මුන්ව තවත් සේවයේ තියා ගන්න ඕනේ නෑ.

:       0       55

Kazi Shajahan Thursday, 31 October 2024 08:49 AM

කොහොමද රනිල් ගේ ගෝලයන්ගේ වැඩ ,මතක තියාගන්න නැවත ඔය ගෝලයෝ ටිකම යවන්න ඕන නේද පාලිමන්ට් එකට

:       34       16

ගුණරත්න Thursday, 31 October 2024 09:48 AM

දුම්රිය මගින් ප්‍රවාහනය රජයට ලාභ දායකම සහ පහසුම ක්‍රමය කියල දැනුමැත්තෙක් කියා තිබෙනවා, එත් ඔය ගාස්තු වලට ප්‍රමාද ගාස්තුව ලක්‍ෂ පනහත් එකතු කරාම ලාභද ? මට තේරෙන විදියට අවුරුද්ද පුරා ලොරි වලින් යැව්වත් ඔය තරම් වියදම් වෙන්නේ නැහැ.

:       21       19

රටවැසියා Friday, 01 November 2024 08:59 AM

එයාලාට ඒවා බාරගන්න වෙලාවක් තියෙන්න එපැයි. එකක් රාජකාරි වෙලාවේත් පුද්ගලික සේවයේ. අනික වැඩවර්ජන. කොහේද ඕවාට වෙලාවක්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site