
(සිරංගිකා ලොකුකරවිට )
රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ආරක්ෂක නිලධාරියකු ඉංජිනේරු පීඨයේ ආරක්ෂක කුටියක් තුළ මියගොස් සිටිය දී සොයාගත් බව පෝද්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාපේ ලියනාරච්චිලාගේ ගයාන් තුෂාර නානායක්කාර නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.
ගාල්ල, කිතුලම්පිටියේ, මඩවලමුල්ල පාරේ පදිංචි ඔහු ඊයේ (26) උදෑසන රැකියාව සඳහා ඉංජිනේරු පීඨයට පැමිණ ඇත.
එදින සවස 6.00 පසුවුව ද ඔහු සේවයේ නිරත කුටියේ හෝ අදාල කළාපයේ විදුලි ආලෝකය දල්වා නොතිබුණු බව දුටු වෙනත් ආරක්ෂක නිලධාරියකු එහි ගොස් බලනවිට දැක ඇත්තේ ගයාන් තුෂාර නැමැත්තා මුර කුටිය තුළ වැටී සිට ඇති ආකාරයයි.
වහාම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා දැනුම්වත්කර ඇති අතර පසුව සිදුකළ දැනුම්දීමකට අනුව පැමිණි 1990 ගිලන්රථ සේවයෙන් මෙම පුද්ගලයාගේ මරණය තහවුරු කර ඇත.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුහුණු සරසවි ආරක්ෂක නිලධාරියෙක් මුර කුටියේම මිය ගිහින්