(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් අද (03) රාත්‍රියේ ඉල්ලා අස්විය.
ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රියේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධූරයට පත් කරගනු ලැබීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.