IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රුසියාවට එරෙහිව නියෝගයක්

 

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක‍්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය.

රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.

විනිසුරුවරු 13 දෙනක් මෙම තීරණයට එකඟ වූ අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති රුසියානු ජාතික කිරිල් ජිවෝර්ජියන් සහ චීන ජාතික විනිසුරුවරියක් වූ  සූ හැනකින් මෙම තීරණයට විරුද්ධ වූහ.පෙබරවාරි 27 වෙනි දින යුක්රේනය විසින් ගොනු කරන ලද නඩුවට අදාලව ජාත්‍යන්තර අධිකරණය විසින් මෙම තීන්දුව (16* ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 8.30 පමණ නෙදර්ලන්තයේ හේග් නුවර දී ප‍්‍රකාශයට පත් කළහ.

ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු පිළිපැදීමට රුසියාව බැඳී සිටියත්,මෙම අවස්ථාවේදී රුසියාව නඩු තීන්දුවට අවනත වේ දැයි තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේ මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කළහ.එසේම ජාත්‍යන්තර අධිකරණයට නියෝගය ක‍්‍රියාත්මක කිරීමට  රුසියාවට බල කළ හැකි ක‍්‍රමයක් නොමැති බවද ඔවූහු පෙන්වා දුන්හ.



අදහස් (8)

රුසියාවට එරෙහිව නියෝගයක්

interpolgedi Thursday, 17 March 2022 05:48 PM

කිසිම බලපෑමක් නැහැ. ජනතාවගේ මුදල් නාස්ති කරනවා.

:       25       32

බද්රානි Thursday, 17 March 2022 09:46 PM

අනේ අපට නම් ඔය රුසියාවේ හෝ ඇමරිකාවේ කෙන්ගෙඩි වලින් වැඩක් නැහැ. අපේ බේබිලාගේ සුපිරි වාහන රථ සංදර්ශනය තවම දැකලා නැතිව ඇති? නැත්නම් ඉතින් බල්ලන් අපේ බේබිලාට දැනටමත් බුරලා ඉවරයි..

:       8       8

sujeewa Friday, 18 March 2022 07:59 AM

අද රුසියාවට විරුද්ධ හා යුක්රේනයට සහය දක්වන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සාමයට ලැදි රටවල් ඉරාකය, ලිබියාව, සිරියාව, හයිටි, යේමන, ඇෆ්ගනිස්ථාන යන එකී මෙකී නොකී සියළු රටවලට ගොස් දරුණු ප්‍රහාර එල්ල කරමින් එම රටවල මිලියන ගණනින් ජන සංහාර සිදුකරමින් පැවැති පාලන පෙරලා දමා එම රටවල් අවුලෙන් අවුලට පත් කරද්දීත්, ඊට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් කිසිඳු ජාත්‍යන්තර සංවිධානයකින් ගෙන නොමැත. එතරම් බරපතල මිනිස් ඝාතනයන්ට වඩා ඔවුන්ට අප රටේ ත්‍රස්තවාදය විනාශ කිරීම බරපතල කාරණයකි. එවැනි ආයතන වලින් අපගේ සදාකාලික මිතුරු රුසියාවටද සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැක...

:       9       28

ලුම්බිණි Friday, 18 March 2022 09:49 AM

මේකෙන් පෙනෙන්නේ කොපමණ මිනිසුන් මැරුණත් චීනයටත්, රුසියාවටත් යුද්ධය කරගෙන යන්න තිබෙන අවශ්‍යතාවයයි..

:       58       15

Willow Drive Friday, 18 March 2022 11:50 AM

ලොක්කන්ගේ විනෝදෙට අහිංසක මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා

:       36       11

Roshan Friday, 18 March 2022 01:50 PM

මේ සේරමගේම තියෙන්නේ නරි නාටක...!

:       1       4

පියල් වීරසිංහ Friday, 18 March 2022 10:01 PM

පුළුවන් නම් මෙරට අඳුරු අගාධයට තල්ලු කරපු රාජපක්ෂවරුන් ගෙනිහිල්ලා හෙග්නුවර දඬු කඳේ ගහන්නයි තියෙන්නේ...

:       3       2

ශාන්ත Sunday, 20 March 2022 09:46 AM

ලන්කාව වගේ පොඩි රටවල් විතරයි ඕවාට බය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site