IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි

(මනෝප්‍රියගුණසේකර)

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිරණ රීතීන් අනුව ඉදිරිපත් කර නොමැති මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලීප් නවාස් සහ ප්‍රියන්ත පුනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැල්ලවත්ත පොලිස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපති වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේදී බීමත්ව රියපදවා අනතුරක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා  වැල්ලවත්ත  පොලිසිය තමන් අත්අඩංගුවට ගත් බවත් අනතුරුව ගල්කිස්ස  අධිකරණයට ඉදිරිපත් කර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට  පොලිසිය කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

කිසිදු ජීවිත හානියක් හෝ රජයේ දේපළකට කිසිදු හානියක් නොවූ එම සිද්ධියට අදාළව අතඅඩංගුවට ගත් තමන්ට ඇප දීමට පොලිසියට හැකියාව තිබුණත්  පොලිසිය අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම සිද්ධිය  හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති  බවට තීන්දුවක් දෙන්නයිද ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් නියම කරන්නැයිද ඉල්ලා සිටී.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිරණ රීති 44 ආ වගන්තියට අනුව පෙත්සම්කරු, පෙත්සම ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ අභියාචන පෙත්සමක ඉල්ලීමක් බවත් පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ නඩු දෙකක් ඇති බවත් ඒ අනුව මෙය බරපතළ වරදක් බවත් ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බවත් කී දිස්නා වර්ණකුල මහත්මිය අනිවාර්්‍යයෙන්ම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳී සිටින බවත් පෙන්වා දුන්නාය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවි වෛද්‍යාලංකාර මහතා තමන් අතින් වරදක් සිදුව ඇති බැවින් වරද නිවැරදි කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය අමුතු විනිසුරු එස්. තුරේරාජා මහතා පෙත්සම ගොනුකර වසරක කාලයක් ඉකුත් වී ඇති බවත් පුර්වාදර්ශ නඩු තීන්දු අනුව පෙත්සම විභාගයට ගැනීමට හැකියාවක් හෝ සංශෝධනයක් කිරීමට අවස්ථාවක් දීමට හැකියාවක් හෝ නොමැති බව පෙන්වා දෙමින් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රවී වෛද්‍යාලංකාර මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය පෙනී සිටියාය.



අදහස් (4)

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි

හනේ හපොයි Monday, 18 November 2024 07:21 PM

ඔන්න ආරක්ෂක අමාත්‍යංශයේ ලොක්කන්ගේ කෙරුවාවල්. හැට අට ලක්ෂයට සෑහෙන සතුටු වෙන්න පුළුවන් දැන්...!

:       0       0

Kokila Monday, 18 November 2024 11:20 PM

එකපාර ඕවා කරගන්න අමාරුයි .තවපාරක් එන්න .එතකොට හරියයි

:       0       3

Perera Tuesday, 19 November 2024 07:34 AM

තාක්ෂණික හේතුවක් මත කරුණුමය හේතුවක් නිසා නෙමෙයිනේ විසිවෙලා තියෙන්නේ . වැරදි නිවැරදි කර ආයෙත් පෙත්සම ගොනුකළ හැකියි

:       2       1

Senarath Tuesday, 19 November 2024 09:11 AM

බඩුත් හාමුදුරුවන්ගේ ,නඩුත් හාමුදුරුවන්ගේ .මෙයාට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site