IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රිය අනතුරින් දෙදෙනෙක්මරුට

(නයනදුල සෙදනායක)

ඉංගිරිය පාදුක්ක ප්‍රධාන මාර්ගයේ ශාන්ත පීතර ජනපදය අසල ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) සිදුවු අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ  බලංගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි වියේ පසුවන ආර් ගිහාන් නැමැති පුද්ගලයෙකු සහ 46 හැවිරිදි වියේ පසුවන ඩබ්ලිව් නිශාන්ත නැමැති පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

ඉංගිරිය ප්‍රදේශයේ සිට පාදුක්ක ප්‍රදේශයට ගමන් කළ ක්‍රි රෝද රියක් ඉංගිරිය ශාන්ත පීතර ජනපදය ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවයකුගේ ඇගේ ගැටිමේ ත්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මංතීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිනි ටිපර් රථයක ගැටීමෙන්  අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.                                                                     

අනතුර සිදුවන ත්‍රීරෝද රථය තුල දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුවී ඇත.

බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පිටුපස ගමන් කළ පුද්ගලයා  හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. 



අදහස් (0)

රිය අනතුරින් දෙදෙනෙක්මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site