IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට

රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.


(සුරංග රාජනායක , රංජිත් රාජපක්ෂ සහ සුදත් එස් කුමාරසිරි)

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21  දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ලංගම බසයක් අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් ගම්පොළ පේරාදෙණිය, නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි. 

------------------------------------------------------

පෙරවරු  6.00

(සුරංග රාජනායක සහ සුදත් එස් කුමාරසිරි)

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් මේ වන විට කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත

බස් රථයේ සිටි මගීන්ගෙන් තවත් පිරිසක් බසය තුළ සිරවී ඇති බැවින් පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහායෙන් බේරා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.



අදහස් (10)

රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට

ගුණරත්න Sunday, 11 May 2025 08:32 AM

ඉස්සර වැඩිම අනතුරු වුනේ පෞද්ගලික බස් වලින්, හරි පුහුණුවක් නැති රියදුරන් වගේ කතා කිව්වේ, එත් දැන් අහන්න ලැබෙන්නේ එකේ අනිත් පැත්ත, ලංගමේ රියදුරු පුහුණුවත් තියෙන ලංගමේ බස් රථම අනතුරු වෙනවා. මොකද හේතුව. ආණ්ඩුව ලංගමේ ලොක්කන්ට දීල තියෙනවා නියෝගයක්, ලාබ පෙන්නපන් කියලා, ඉතින් මම හිතන්නේ මුන් ධාවනයට නුසුදුසු බස් රථ පවා ධාවනයට දමනවා ඇති කියලා, ඔය ඡායාරූපයේ පෙනෙනවා බස් රථයේ ටයර් ගෙවිලා කියලා. ඉතින් තේරෙනවා ඇති මොකක්ද අර්බුදය කියලා. මේ කාලකන්නි ආණ්ඩුවට සාමාන්‍ය මිනිස්සු ගැන තැකීමක් නැහැ.

:       29       137

janahitha Sunday, 11 May 2025 08:43 AM

සම්පූර්ණයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි. අනතුරු දායක ස්ථානවලට පැතිබැමි දැමිය යුතුයි.

:       5       57

Nandana Sunday, 11 May 2025 10:03 AM

බස් එළවන හුඟ දෙනෙක් මිනීමරුවෝ, ඔය කට්ටිය නියාමනය කරන්න. පස්වලට වේග සීමා පාලක හයි කරන්න. නැතිනම් බලපත්‍රය අහෝසි කරන්න. පාණ්ඩු ආණ්ඩු මේවා කරයිද?

:       56       16

සාලිය Sunday, 11 May 2025 12:25 PM

ලොරි බස් ගෙනාපු දේශප්‍රේමීන් දැන් අදහස් දක්වන්න...

:       48       17

sukitha Sunday, 11 May 2025 02:19 PM

අනවශ්‍ය තරඟකාරිත්වයක් ඇති මාර්ගවල සේවාවන් නියාමනය කරන්න..

:       2       76

ගුණරත්න Sunday, 11 May 2025 02:39 PM

අපේ රටට සාපයක් වැදිලා, 60,000ක් මරණ වලට වගකිවයුතු සාපලත් පක්ෂයකට බලය දුන් නිසා වෙන්න ඕනෑ. දළදා ප්‍රදර්ශන තිබ්බාට... ඒ ලේ හේදිලා යන්නේ නැහැ.

:       31       113

Deepal Sunday, 11 May 2025 03:59 PM

ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා...

:       66       18

වින්සන්ට් කජ්ජා Sunday, 11 May 2025 04:16 PM

60,000ම නෙමේ. UNP වගකිව්වේ 50,000කට විතරයි, ගුණරත්න. ජේ.ආර්. කෙරුවා වගේ මතකයි...

:       66       7

Asintha Sunday, 11 May 2025 03:59 PM

ගුණරත්න මහත්මයෝ, ඔයා වගේ හැමදේටම දේශපාලනය ගාවගන්න මිනිස්සුනම් රටට සැපයක් තමයි. මීට කලින් බස් පෙරලිලා සුනාමි ඇවිල්ල, කොච්චි පීලි පැනලා, යුද්දේ නිසා මිනිස්සු කී දාහක් මිනිස්සු මැරුණද? ඒ මදිවට දළදා ප්‍රදර්ශනයත් මේකට ගාවගෙන. ඕක ඔයාගේ වැරද්දක් නෙමෙයි, ඔයාගේ දෙමව්පියන්ගේ වැරුද්ද, මොකද ළමයි හදන්නම් වාලේ හදලා වැඩක් නෑ, උන්ගේ ආකල්ප, ගුණධර්ම වර්ධනය කරන්නේ නැතුව.

:       70       38

එඩ්වඩ් Sunday, 11 May 2025 04:55 PM

2025 සැප්තැම්බරයේ සිට මේ රටට පාත් වන හෙණ ගෙඩිවල ඉවරයක් නැහැ. ඊයෙ පෙරේදා හෙලිකොප්ටරයක් කඩා වැටුණා. දැන් මහා බස් අනතුර. රට පුරා තැන් තැන්වල ජයටම මිනීමැරුම්. ජනජීවිත අවුල්. පාසල් දැරියන් දූෂණයට ලක් වෙනවා. සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීම පමා වෙනවා. බඩු මිල ජනතාවට දරා ගන්න බැහැ. ඒත් ආණ්ඩුවේ කයිවාරු නං අඩුවකුත් නැහැ. ලෝක පාලන දෙවියනි ඔබවහන්සේලා වත් අපේ රට ගැන බලලා යහපතක් කරලා දෙන්න. මිනිස්සුන්ටත් දැන් තමන් කර ගත්ත මෝඩකමේ තරම ටික ටික තේරෙන නිසා තමයි පහුගිය ඡන්දෙදි ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවේ.

:       20       56

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 54 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 160 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා
2025 මැයි මස 12 379 0

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග


කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්
2025 මැයි මස 12 166 0

සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.


යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා
2025 මැයි මස 12 54 0

ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම


බුදු දහම ලොවම වටහා ගත යුතු කාලය ඇවිත්
2025 මැයි මස 12 90 0

බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1106 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site