IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රටටම වතුර දෙන්න වැඩිපුර මුදලක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුලතිව්, කිලිනොච්චි, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7 හි ග්‍රාම නිලධාරී වසම් 540 ක් කේන්ද්‍ර කර ගනිමින් කළ ජල සේවා සඳහා ප්‍රවේගය වැඩි කිරීමට සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට " ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" ආරම්භ කර ඇත.

ඒ සඳහා ලෝක බැංකුවේ ආයෝජන ව්‍යාපෘති මූල්‍ය සාධන පත්‍රය යටතේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබා දී තිබේ.

ව්‍යාපෘතියේ විෂය පථය තවදුරටත් පුළුල් කිරීම සඳහා ලෝක බැංකුව විසින් අතිරේක මුල්‍ය සංරචකයක් (දෙවන අදියර) අනුමත කරනු ලැබ ඇති අතර, ඒ යටතේ මාතර, කුරුණෑගල, මාතලේ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල ද නල මාර්ග දිගු කිරීමේ ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ලැබ ඇත. 2025-06-30 වන විට ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම් කර ඇති නමුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වල පිරිවැය ඉහළ යාම සහ එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධනය කිරීම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 1,180කින් වැඩි කළ යුතුව තිබේ. 

ඒ අනුව, ව්‍යාපෘතියෙහි මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමටත්, අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර ගැනීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රටටම වතුර දෙන්න වැඩිපුර මුදලක් වෙන් කරයි

chamara Thursday, 19 December 2024 02:22 PM

මේක හොද වැඩක්. විශේෂයෙන් බීමට සුදුසු ජලය අඩුයි. මිනිස්සු වතුර බොනවා අඩුයි. වෙන ඒවා බොන්නේ ඒ වෙනුවට.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 31 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 55 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 335 2

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 189 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී
2025 මැයි මස 05 373 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 979 3

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 708 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site