IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි

 

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම   විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග  සහ ආසියානු සංවර්ධන බැංකුවේ  ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දින සිදුකෙරුණි.

නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන, රජයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් ඒ සඳහා වැයකොට තිබේ.

මෙහි ඉදිකිරීම් 2021 වසරේදී ආරම්භ කෙරැණ අතර වත්මන් කර්මාන්ත වලට ගැලපෙන පරිදි, තාක්ෂණික , අධ්‍යාපනික හා පර්යේෂණ පහසුකම් නගාසිටුවීම හරහා තාක්ෂණය මත පදනම් වූ ශ්‍රම බලකාය ඉහළ නැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

නව පීඨය අක්කර 2 ක භූමි භාගයක ඉදිකර ඇති අතර, ආසන 800 ක ධාරිතාවයකින් යුත් ශ්‍රවණාගාරයක් , මහල් 3 කින් යුත් විශාල පුස්තකාලයක්, බහු දේශන ශාලා, අති නවීන විද්‍යාගාර  රැස්වීම් ශාලා වලින් එය සමන්විත වේ.

මෙම පීඨය යටතේ, ජෛව සැකසුම් තාක්ෂණවේදය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය, ආහාර තාක්ෂණවේදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය හා ද්‍රව්‍ය තාක්ෂණවේදය යන අධ්‍යයන අංශ 05 ක්‍රියාත්මක වීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී, මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය චතුරංග බමුනුආරච්චිගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

                                                                                  



අදහස් (2)

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි

බකල ජයා Wednesday, 02 October 2024 12:53 PM

කිසි ගතියක් නෑ. අපේ රනිල් සර් හිටියා නම් ඔතැනට ලොකු ගාඩ් එකකින් ගිහිල්ලා IMF ගැන නියම කතාවක් කරනවා. සජිත් සර් හිටියා නං අර ජපන් මහත්තයාට හරි ජපන් භාෂාව උගන්නනවා.

:       0       26

Jayamanna Wednesday, 02 October 2024 08:19 PM

තවත් වැඩකට නැති ආයතනයක්.....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site