IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්

( පුෂ්පකුමාර මල්ලවආරච්චි  )

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දිවුලපිටිය පොලිසිය හා දිවුලපිටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම කල්ලියේ සාමාජිකයින් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් ගණනාවක් ද, මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කාරණා සඳහන් කරමින් මුදල් ලබා ගැනීමට උත්සාහ ගත් අවස්ථා රැසක් පිළිබඳ ව වාර්තා වී ඇත.

 මෙම පිරිස  දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේ දී  මුදල් ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් අංක පවා ලබාදී ඇති අවස්ථා අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය .

මේ අතර දෙපාර්ශවයක් අතර ඇති වූ සුළු ගැටුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට පා පැදියකින් පැමිණ දැනුම් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව ද පොලිසියට වාර්තා වී ඇති අතර දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ එසේ පැමිණිලි විභාග කිරීම සඳහා කැඳවීමේ අවශ්‍යතාවයක් නැති අතර  කිසිදු නිලධාරියකු පාපැදි වලින් තම රාජකාරී සඳහා පිටත්ව ගොස් නැති බවය.

විශ්‍රාම වැටුප් හිඟ මුදල් ලබා දීීීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා බව පවසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එම රාජකාරී ඉක්මනින් කර දීම සඳහා බව පවසා  ජනතාව ගෙන් මුදල්  ලබා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව වාර්තා  වී ඇතැයි  ද මේ ආකාරයෙන් දුරකථන පණිවිඩ මගින් හෝ නිවෙස් වලට පැමිණ මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා පුද්ගලයින් ගේ ක්‍රියාවලියට අසු නොවන ලෙසත් ඔවුන් නීතිය රැහැනට අල්ලා ගැනීමට අවශ්‍ය සහාය පොලිසියට ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද පොලිසිය සඳහන් කරයි .



අදහස් (0)

රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site