(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
ඊට අදාල තාක්ෂණික මඟපෙන්වීම මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ, රාජ්‍ය ආයතන වෙත ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි ද කීවේය.
එමෙන්ම සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ මෙම පනත ගෙනඑන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැමුන් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතාකිරීම පාලනයට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමටත් මෙමගින් හැකියාව ලැබෙන බව කනක හේරත් මහතා කීවේය.
කනක හේරත් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ලෝක බැංකුව එක්ව කොළඹදී පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීමේ ක්‍රමයක්
sanjeewa Sunday, 26 February 2023 03:02 PM
ඔය මොන ඩිජිටල් එක කළත්, ඒකට දත්ත ඇතුල් කරන නිලධාරියෝ හොරු සහ අකාර්යක්ෂම නම්, ජනතාව තවතවත් අමාරුවේ වැටෙනවා මිසක්... යහපතක් නම් වෙන්නේ නැත...
කනක කනක Monday, 27 February 2023 08:50 AM
මට ජයවෙවා....!