IMG-LOGO

රජයට කෝටි 20,000 ක බදු පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

විවිධ ආයතන හා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ දක්වා රුපියල් කෝටි  20,000  කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

මෙසේ බදු ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක්  මියගොස් සිටින බව  එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම හිඟ බදු මුදල් සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඇතැම් පාර්ශව මෙම හිඟ ණය මුදල් ගෙවීමට එකඟවී සිටින බවයි.

හිඟහිටි ආදායම් අයකර ගැනීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්  මහභාණ්ඩාගාරය ඒ සඳහා වෙනම කණ්ඩායමක්ද පත්කර සිටින බවත්  ඔහු ප්‍රකාශ කළේය.

එසේම දේශීය ආදායම් බදු ආඥා පනත  ගැළපෙන පරිදි යාවත්කාලින කර  සංශෝධනය කර හිඟ  බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර විශාල වශයෙන් ආදායම් උපයන වෛද්‍යවරුන්, නීතිඥයන්,උපකාරක පන්ති ගුරුවරුන්,දෛවඥයන්  ඇතුළු පිරිසක් කාලයක් තිස්සේ බදු ගෙවීම පැහැර හරිමින් සිටින බව  මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (4)

රජයට කෝටි 20,000 ක බදු පොල්ලක්

Bandara Saturday, 18 February 2023 09:15 PM

මේ ටික එකතු කළානම් රට ගොඩ. ඡන්ද 10ක් කරන්න සල්ලි තියෙනවා.

:       0       2

චන්දන Sunday, 19 February 2023 07:07 AM

කමක් නැහැ. ඒවාට වන්දි ගෙවන්නට සාමාන්‍ය අසරණ ජනතාව ඉන්නවා... ලයිට් බිල වගේම අනෙකුත් ඒවත් වැඩි කරපල්ලා...

:       0       1

චමින්ද Sunday, 19 February 2023 12:45 PM

මම ඊයේ චැනල් සෙන්ටර් එකකට ගොස් චැනලින් ගාස්තුව විමසුවා. එහිදී කිව්වා සතියක් හැර සතියක් එනවා.. ආවම විස්සක් බලනවා. එක් අයෙකුගෙන් 2600/=ක් අයකරනවා කියලා. ඉතින් 2500×20×2 =සමානයි. එක් තැනකින් ඉරිදා දින දෙකකට උපයන මුදල රුපියල් ලක්ෂයක් වෙනවා. ඉරිදා හතරට ලක්ෂ දෙකයි... අනෙක් දිනවල සෙනසුරාදා දින හතරකට ලක්ෂ දෙකයි සතියේ දින පහට 2500×10×5=125000/= එවිට පුද්ගලික ඉපැයීම් 325000/= වැටුප් හා දීමනා අවම වශයෙන් 175000/= ගතහොත් මාසයේ ඉපැයීම් ලක්ෂ පහක් පමණ වෙනවා.. බදු ගන්න එපා කියලා වර්ජන, තර්ජන කිරීම ඉතාමත් සාධාරණයි නේද?

:       0       4

Lal Silva Tuesday, 21 February 2023 07:10 AM

වැරදි!! දෙපාර්තමේන්තුව ඉවක් බවක් නැතිව තක්සේරු නිකුත් කරනවා! අඩු තරමින් රඳවා ගැනීම් සහතික ඉදිරිපත් කලත්, බැංකු එවා ඇති විස්තර දෙපාර්තමේන්තුවට ගලපා ගන්න බෑ, බැංකුවට කියන්න නැවත විස්තර එවන්න කියලා තක්සේරු කරනවා! ඔයින් විශාල ප්‍රමාණයක් ගෙවීමට නැති බදු!! පරිගණක වැරදි වලටත්, හරියටම නිශ්පාදන ක්‍රියාවලියක් වගේ තක්සේරු නිකුත් කරනවා, ඒවා නීති විරෝධී, මොකද මනුෂ්‍යයෙක් කළයුතු දේ පරිගණකයකට කරන්න තාම නීති හැදිලා නෑ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site