IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රක්වානේ ගිනි අවි කම්හලක් වටලයි

(ගයාන් සූරිය ආරච්චි)

නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදන කම්හලක්  පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු ගිනිඅවි නිෂ්පාදන සැකිලි කොටස් සහ ගිනි අවි කොටස් සමඟ රවක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්වාන නොරොක්කාන වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 ක ව්‍යාපාරිකයෙකි.

එහිදී සැකකරු සන්තකයේ තිබී නිෂ්පාදනය කරමින් තිබූ හැමර් කොටස සහ ට්‍රිගර් කොටස සවි කරන ලද ලෝහමය රිවෝල්වර සැකිල්ලක්, ෆ්යරින් පින් කොටස් දෙකක් සහ ස්ප්‍රින් කොටසක්, ලෝහමය රිවෝල්වර සැකිලි දෙකක්,  රිවෝල්වර සිලින්ඩර් කොටස් හතරක්, සිලින්ඩර් කප් එකක්, ලෝහමය හැමර් දෙකක් කොටස්, ලෝහමය දුනු කොටස් දෙකක් විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත.

 

 

 



අදහස් (1)

රක්වානේ ගිනි අවි කම්හලක් වටලයි

Thusitha Thursday, 05 December 2024 10:40 AM

වසර තිහකට වැඩි කාලයක් සන්නද්ධ යුද්ධයක් තිබිච්ච රටක දේශපාලකයන් තමන්ගෙ බලය වෙනුවෙන් ඕනෑ තරම් නවීන ආයුධ පාතාලයට ලබා දුන්න රටක මේ වගේ මලකඩ කාපු යකඩ කෑලි ටිකක් අල්ලගෙන අපරාධ නවත්තන්න හදනව නම් අපි බලාපොරොත්තු උන වෙනස මේ මාළිමා රජයටත් කරගන්න බැරි වෙයි.පොලිස් ලොක්කන් මේ වගේ නාටක පෙන්නලා ඉහල පරිපාලනය වගේම රටේ මිනිස්සුන්වත් රවට්ටන එකෙන් වෙන්නෙ ඇත්තටම තිත තියන්න ඕන අපරාධ නිදහසේ ක්‍රියාත්මක වෙන එක විතරයි.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site