
( අංජුල මහික සහ මහින්ද නිශ්ශංක)
මාස 10 කට පසු යාල්දේවී හා රජරට රැජින හෙට (28) ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යලි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ද රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතර ද ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
හෙට පෙරවරු 5.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන යාල්දේවී දුම්රිය පස්වරු 1.23 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.45 ට පිටත් වන රජරට රැජින දුම්රිය පස්වරු 6.15 ට අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගා වන බව ද පාලක මැදිරිය පවසයි.
නැවත අනිද්දා (29) පෙරවරු 10.30 ට
පිටත් වන යාල්දේවී දුම්රිය පස්වරු 6.30 ට
කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන අතර පෙරවරු 5.30 ට පිටත් වන රජරට රැජින දුම්රිය පෙරවරු 10.18 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.
මේ අතර හෙට සිට කොළඹ කොටුව හා ත්‍රීකුණාමලය අතරද දුම්රියක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාල්දේවී -රජරට රැජින හෙට සිට ගමනේ