IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති

(අංජුල මහික වීරරත්න)

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno)  මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) තානාපතිවරු හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පැවසීය. 

මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා  මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කළේය. 

ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි. 

ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (Felix Neumann) , ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh), රුමේනියා තානාපති ස්ටෙලුටා ආහයර් (Steluta Arhire), ප්‍රංශ තානාපති මාරි-නොයිල් ඩුරිස්  (Marie-Noelle Duris)  සහ නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඉවාම්ස් රට්ජන්ස් (Iwams Rutjens) යන මහත්ම මහත්මීහු යුරෝපා සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (0)

යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site