මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළ බව රත්නායක මහතා පැවැසුවේය. එහෙයින් යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය නොහැකි බවත ඔහු ප්‍රකාශ කළේය.
මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී කරවා ගත නොහැකි බවත් එලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසරය ලබාදීම මැතිවරණ කොමිසමේ හෝ රටේ ප්‍රතිපත්තිය නොවන බවත් ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කරමින් පැවැසුවේය.
යුරෝපා සංගමයේ කණ්ඩායම සමග පැවැති මුල් අදියරේ සාකච්ඡාවලදී මෙරට තානාපති කාර්යාලවල සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවසරය ලබාදිය නොහැකි බවට මැතිවරණ කොමිසම එම දූත පිරිසට පැහැදිලි කළ බවද ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියා ප්‍රකාශ කළේය.
යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයකු පවසා සිටියේ යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සියල්ලට මැතිවරණ කොමිසම අවසරය ලබාදී ඇති බවත් මෙරට තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලයට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර නොමැති බවත්ය.
මෙරට සිටින යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීම සඳහා තවත් කෙටි කාලීන නිරීක්ෂණයන් කණ්ඩායමක් අද(16) මෙරටට පැමිණීමට නියමිත අතර සාමාජිකයන් 70 දෙනකු පමණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ
Aruna Sunday, 15 September 2024 09:47 PM
ඇති යන්තම් කොද තියන නිලධාරියෙක් ඉන්නවා.
Ahmed (Gulf) Monday, 16 September 2024 02:14 AM
මෙම මැතිවරණය තවත් ප්‍රෝඩාවක් වනු ඇති බව පෙනෙන විට, ඔවුන් යුරෝපා සංගමය නිරීක්ෂකයින් ලෙස පෙනී සිටීම අවශ්‍ය නොවන්නේ එබැවිනි.