IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

(රොමේෂ් මධුෂංක)

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්  1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් බැඳීම ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කරන බව ද කියයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (16)

යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

Bamunuarachchi Friday, 16 April 2021 02:12 AM

මොවුන්ගැන පරීක්ෂාවෙන් ඉන්න වෙනම යුනිට් එකක් හදන්න. වෙන කියන්න ඕනේ නැහැනේ.

:       98       152

Bamunuarachchi Friday, 16 April 2021 02:16 AM

සතුටු වෙන්න ඉක්මන් වෙන්න එපා. කැලේ විතරයි මාරු වුණේ සතා එහෙම්මමයි . දැන් මෙගොල්ලනට කිට්ටු කරන්නේ ඩයස්පොරාවයි මේගොල්ලන්ගේ දේශපාලකයොයි.

:       86       156

nihal dharmatileke Friday, 16 April 2021 04:46 AM

රටක අභිමානය යුද හමුදාවට බැඳුණු සියලුම දමිල තරුණයන්ට මගේ සුබ පැතුම්

:       47       210

Pradeep Friday, 16 April 2021 04:49 AM

සතුටු වෙනවද දුක් වෙනවද කියලා දැන්ම කියන්න බැරිවෙයි. සමහර විට ඔය හීන් නූලෙන් ගහපු ගේමක් වෙන්නත් බැරි නෑ. කෝකටත් හොද සෙවිල්ලෙන් ඉන්න එක තමයි නුවණට හුරු.

:       40       52

Upul Friday, 16 April 2021 06:12 AM

69 ලක්ෂයේ අම්බරුවන් ටික ගැන ආඩම්බර නැද්ද සර්ලාට...?

:       174       27

anaFriday, 16 April 2021 07:06 AM

69 ලක්ෂය නම් දුක් වෙයි. ඒත් ඔවුන් යුද හමුදාවට බඳවා ගැනීමේ වරද කුමක්ද? හමුදාව හදන්නේ අපේ රටේ කිසිම ජනවර්ගයකට විරුද්ධව නොවෙයි. ඔවුන් අපේ සහෝදරයින් ලෙස හිතන්න බැරිනම් ඔවුන්ට වෙනම රටක් දෙන්න වෙයි. ඔවුන්ට සුළු ජාතීන් ලෙස සලකන්නේ ඇයි? මේ රටේ හෝ ලෝකයේ මහ ජාතීන් කියලා කවුරුත් නැහැ. සේරම මනුස්සයෝ. එවිට සුලු ජාතීන්ද නැහැ. වැරදි පාරේ යනවා නම් කවුරුත් වැරදියි. හමුදාවට දෙමළ හෝ මුස්ලිම් හෝ සිංහල වර්ගවාදීන් බඳවා ගැනීම නුසුදුසුයි. එ්ත් කොහොමද වර්ගවාදීන් හඳුනා ගන්නේ. හමුදාව තුළ ඕනෑතරම් සිංහල ජාතිවාදීන් ඉන්නවා. ඉතින් දෙමළ ජාතිවාදීන් බඳවා ගන්නේ නැත්නම් සිංහල ජාතිවාදීන් ද බඳවා නොගත යුතුයි. දෙමළ ජනතාව අතරේ ඕනෑ තරම් වර්ගවාදී අදහස් නොදරණ අය ඉන්නවා.

:       119       63

rathgama Friday, 16 April 2021 06:28 AM

ඔයා මෙතන කොපමණ පුරසාරම් දෙඩෙව්වත්.., අද වෙනකම් හමුදාවේ අවි ආයුධ, නිල ඇඳුම් පැළඳුම්.. වැනි දේවල් හොරකම් කරලා විකුණගෙන කාලා තියෙන්නේ... සිංහල හමුදාකාරයෝ නේද?

:       173       43

Anura Kumara Friday, 16 April 2021 08:00 AM

ඔව් මට මතක් වෙනවා පරණ පුස්කොල පොතක තිබුන උදාන වාක්‍යක්. "කපන්න බැරි අත සිඹිම" මේ වන විටත් දෙමළ ඩයස්පෝරාව සැලසුම් නිර්මාණය කරමින් ඇති. අවුලක් නෑ කන්න නැතත් ඉන්න රටක් තියෙනවනේ. සිංහලයා කැවුම් කන්න මෝඩයා. අපිට මල්ලි හැමදේම මතක සතියනේ. ඔහොම යං. අවංක චේතනාවෙන් බැඳුණා නම් සතුටු වෙන්න ඕන කාල ඇඳලා ඉන්න වැදගත් රැකියාවක් ලැබුණාට. රට වෙනුවෙන් සේවය කරන්න. මේ පුංචි දූපත විතරයි අපිට තියෙන්නේ...

:       39       110

දසුන් වානගුරු Friday, 16 April 2021 08:19 AM

අපි පොහොට්ටුවට ඡන්දේ දුන්නේ මේවා බලන්න නොවේ...

:       209       29

PrasannaFriday, 16 April 2021 01:34 PM

අපි දුන්නේ මේ දේවල් විය යුතු නිසා. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ රට දියුණු කළ යුතුයි. ගෝත්‍රිකවාදී නොවිය යුතුයි. ජාතිවාදය යුරෝපියයන්ගේ ලක්ෂණයක්..

:       2       88

ක්‍රිෂාන් Friday, 16 April 2021 10:57 AM

ඔය 1600 ම ඉන්නේ එකම තැන නොවේ. ඇරත් එය සේනාංකයක්ද නොවේ. ඇබෑර්තුවලට ඉල්ලීමට ඔවුන්ටද අයිතියක් ඇත.

:       4       99

සෙනෙවිරත්න Friday, 16 April 2021 11:11 AM

මෙය කළයුතු වූයේ 2009 වසරේ පටන්ය. මෙහි කමෙන්ට් බැලූවිට සැකය, අවිශ්වාසය අවසන්ව නැත. එය වහාම සුවකළ යුතු රෝගයකි.

:       6       129

AnaFriday, 16 April 2021 01:38 PM

ඔබ වැනි අය දුර්ලභයි.

:       1       61

Prasanna Friday, 16 April 2021 01:31 PM

සිංහල හමුදාව කියලා දෙයක් නැහැ. ශ්‍රී ලාංකික හමුදාව කියලා තමයි අපි නම් ඉගෙන ගත්තේ.. දෙමළ, මුස්ලිම් හැම කෙනෙක්ම හමුදාවේ ඉන්නවා. මමත් 69 ලක්ෂයේ කෙනෙක්. හැබැයි අපි ජාතිවාදී නැහැ. අගය කළ යුතු වැඩක්...

:       2       102

Kamal Friday, 16 April 2021 04:34 PM

බමුණු නමටම ගැලපෙන කමෙන්ට් දානවා. ශ්‍රී ලාංකික විදිහට හිතන්න පුරුදු වෙන්න දැන්වත්... අපිත් පොහොට්ටුවට ඡන්දෙ දුන්නා. නමුත් ජාතිවාදීන් නොවේ.

:       1       66

Thushara Saturday, 17 April 2021 07:34 AM

'මෙන්න කොටි නැගිටිනවෝ...' කියලා වීරවංශලා තට්ටම් පොළවේ ගහගෙන කෑගහයි. රනිල්ගේ කාලේ මෙහෙම දෙයක් වුණා නම්...

:       35       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site