IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යාපනයේ කොල්ල කල්ලියක 5 ක් පොලිස් දැලේ

 (රොමේෂ් මධුෂංඛ)
           
යාපනයේ නිවාස වලට ඇතුලු වී රත්තරන් , මුදල් හා ගෘහභාණ්ඩ සොරකමේ යෙදුණු කොල්ල කල්ලියක ප්‍රභලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
 
යාපනය නගරයේ පිහිටි නිවාස වෙතට ඇතුලු වී කොල්ලකෑමේ අදාල කල්ලිය සම්බන්ධයෙන් යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදීසි මෙහෙයුමකදී අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
 
එහිදී සැකකරුවන් සමීපයේ තිබී යතුරුපැදි තුනක්, රන් පවුම් 20 ක් පමණ, රුපියල් ලක්ෂ 20 කට අධික ගෘහ භාණ්ඩ ඇතුලු තවත් උපකරණ රැසක් පොලීසිය වසින් සොයාගෙන ඇත.
 
කොල්ල කල්ලිය විසින් යතුරුපැදි වලින් ගොස් කොල්ල කන ලද භාණ්ඩ හා රත්තරන් වෙනත් ප්‍රදේශයන්ට රැගෙන ගොස් විකුණා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වී ඇති බවටද පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය දිස්ත්‍රීක්කයේ කොල්ලකෑම් රැසකට සමබන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර අදාල පිරිස් යාපනය නගරයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීිසිය වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

යාපනයේ කොල්ල කල්ලියක 5 ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site