IMG-LOGO

යුද හමුදා ට්‍රක් රථය -යතුරුපැදිය ගැටී අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අතුරුගිරිය අධිවේගී ගුවන් පාලම මත දී යුද හමුදා ට්‍රක්  රථයක් සහ යතුරු පැදියක් ඊයේ (28) රාත්‍රී  මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව අතුරුගිරිය පොලිසිය කියයි 

අනතුරින් මියගොස් ඇත්තේ තලංගම දකුණ ,නාගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සේවයේ නියුතු  එම්.රසංග මනෝජ්  පෙරේරා (39) තිදරු පියෙකි 

අතුරුගිරියේ පිහිටි යුධ හමුදා අනුඛණ්ඩය ක ට  අයත් ට්‍රක්  රථයක් මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණ තිබූ යතුරු පැදිය හමුදා ට්‍රක් රථය හා මුහුණට මුහුණ ගැටීමෙන්   මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් නිලධාරියකු පැවැසීය 

මියගිය යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති  බවට  පරීක්ෂණවලදී  අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය

හමුදා ට්‍රක් රථයේ  රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

අතුරුගිරිය  පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ  මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 



අදහස් (0)

යුද හමුදා ට්‍රක් රථය -යතුරුපැදිය ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 345 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 817 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site