IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යෝජිත ගාලු වරාය සංවර්ධනයට මුහුද ගොඩ කිරීම ගැන මහජන අදහස් විමසයි

(ජේ.ඉඳුරුවගේ )

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට යෝජිත මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතිය සඳහාවූ පරිපූරක පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන පරීක්ෂාවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මහ ජනතාවට දෙසැම්බර් 28 දක්වා මෙම ඇගැයීම් වාර්තාව සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදහස් දැක්වීමට හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම වාර්තාව නොවැම්බර් 28 දා සිට දින 30 ක කාලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,මධ්‍යම පරිසර අධිකාරිය ,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මහ නගර සභාව සහ ධීවර සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය යන ස්ථානවල මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ www.coastal.gov.lk වෙබ් අඩවියේ සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි   බසින් මහජන  ප්‍රදර්ශනයට තබා ඇතිබව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල වරාය අංග සම්පූර්ණ වරායක් ලෙස සංවර්ධනය කිරීමේ මෙම  යෝජිත  ව්‍යාපෘතිය මගින් ගාලු බොක්ක සහ වරාය තුළ මීටර් 850 ක් සහ මීටර් 150 ක් වන අක් වෙරළ දියකඩන දෙකක් සමග හෙක්ටයාර 45 ක් වනසේ මුහුද ගොඩ කිරීමට සැලසුම් කර තිබේ.



අදහස් (2)

යෝජිත ගාලු වරාය සංවර්ධනයට මුහුද ගොඩ කිරීම ගැන මහජන අදහස් විමසයි

සමින්ද Sunday, 01 December 2024 07:04 PM

මේ සංවර්දන කටයුතු වලට බාධා කරන්න එපා කොළඹ දියුණු වෙලා තියෙනවා එහි ජනතාවට හොඳ නවීන පහසුකම් ඇතිවෙලා තියෙනවා... ලෝක මට්ටමෙ shopping mall, තරු පන්තියේ හොටෙල්ස් තියෙනවා. නමුත් ගාල්ලේ අපිට shopping කරන්න පෙට්ටි කඩ ටිකක් තියෙනවා. සංචාරක නගරයක් වෙලත්, දැන් මේ සංවර්ධන කටයුතු වලට පහුගිය රජයේ අයියලා ටික රෙද්ද උස්සන් එනවා.. ඔවුන් කරනකොට මොවුන් කැමැති නැහැ.. මුං දරනකොට උන් කැමැති නැහැ. ජරා දේශපාලකයෝ නිසා තමයි මේ සුන්දර නගරයේ දියුණුවක් නැත්තේ...!

:       2       14

fayas Tuesday, 24 December 2024 09:25 AM

මේ සංවර්ධන කටයුතු කරන්න ඕන .මේක කරොත් අපේ ගාල්ලට සංචාරකයින් සහ සංචාර බෝට්ටු පිරි ඉතිරේවි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site