IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’’යාගී’’ බැට දුන් මියන්මාර් වැසියන්ට විජිත තේ ⁣දෙයි

(අංජුල මහික වීරරත්න)

මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීමේ සහ සහයෝගීතාව දැක්වීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යාංශයේ දී මියන්මාර තානාපති මාලා තන් හයික් මහත්මිය වෙත ලංකා තේ කිලෝග්‍රෑම් 227 ක් සංකේතාත්මකව  ප්‍රදානය කළේය.

අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව විසින් තේ පරිත්‍යාග කිරීමෙන් සුහදතාව පළ කිරීම මියන්මාර රජය අවංකව අගය කරන බව තානාපති හයික් මහත්මිය එහිදී  ප්‍රකාශ කළාය. 

මෙහිදී අදහස් දක්වමින් විජිත හේරත් මහතා පැවැසූයේ දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාවට සාක්ෂි වශයෙන් ථෙරවාදී බෞද්ධ බැඳීම් සහ ශක්තිමත් මිනිස් සබඳතා මත ගොඩනැගුණු චිරස්ථායී මිත්‍රත්වයක් පවතින බවයි.



අදහස් (3)

’’යාගී’’ බැට දුන් මියන්මාර් වැසියන්ට විජිත තේ ⁣දෙයි

පිටරටවැසියා Wednesday, 16 October 2024 02:17 PM

මොනව වුණත් පිනා නම් දනට පිනට, අත දිගහැරලා වියදම් කළා ඩොලර් මිලියනවලින්. ලෝකෙට දනට,පිනට දුන්නා.

:       5       30

Nilame Wednesday, 16 October 2024 05:38 PM

පිරරට එවුන්ට නම් දීමේ ආනිසංස තේරුම් ගන්න කොහොමත් බැහැ මොකද උන්දැලා දීලා කාලා පුරුදු එවුන් නොවන නිසා , රට වැසියෝ හැටියට අපි නම් විස්වාස කරන්නේ කාගේ අතින් පරිත්‍යාග කලත් (මොන ක්‍රමයෙන් ජනාධිපති වුණත් ඔහු ජනතාවගේ නායකයා ) රටේ සියලු ජනතාවට එහි ආනිසංස ලැබෙනවා.

:       14       5

බස්නායක නිලමේ Thursday, 17 October 2024 10:55 AM

නියමයි, පිටරටඑවුන් එවන ඩොලර් ටිකත් එක හේතුවක්, රටවැසියන්ගෙ බඩ-කට පිරෙන්න. හැබැයි, රටවැසියන් බඩගින්නෙ ඉන්නැද්දි, මන්දපෝෂණය වැඩිවෙද්දී, පාසල් ළමයින්ට අධ්‍යාපනය අහිමිවෙද්දී, රටවැසියන්ගේ බදු මුදල් සහ පිටරට එවුන් එවන ඩොලර් ටික, ජනරජ පෙරහරවල්වලටයි, ලෝකෙට නැව් අරින්නයි, අනෙකුත් රටවලට ඩොලර් මිලියනවලින් දනට, පිනට දෙන එකෙයි ආනිසංස තේරුම් ගන්න වෙන්නෙ බත් කන හරක්ට විතරමයි. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියල කියන්නෙ නිකමට නෙමෙයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site