(ඩී.ජී.සුගතපාල)
රුපියල් කෝටි 350කට අධික වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් සමග දකුණු මුහුදු සිමාවේ සිට මුහුදු සැතපුම් 235ක් දුර ජාත්‍යන්තර මුහුදේදි අත් අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව සහ සැකකාර ධිවරයන් හය දෙනා අද ගාල්ල වරායට ගෙන එනු ලැබිය.
නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාරයංශය රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදු කරනු ලැබු විශේෂ වැටලිමකදි හම්බන්තොට සිට නාවික සැතපුම් 235ක් ඈත මුහුදේදි මෙම බහුදින යාත්‍රාව පසුපස හඹාගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි යාත්‍රාවේ තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක තොගය සොයාගෙන ඇත.
දික්වැල්ල අලුත්ගොඩ කදුරුගොඩ පදිංචි ආර්.පී.සාලින් නදිර යන අයට අයත් “සලින් 02” නමැති මෙම බහුදින යාත්‍රාව මාරතු 20වනදින කුඩාවැල්ල ධිවර වරායෙන් ධිවරයින් හය දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර පකිස්ථානයේ සිට ගෙන එන ලද හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේදි ලබාගෙන ඇති බවද අනාවරණයවි ඇත.
හෙරොයින් සමග යාත්‍රාවද සැකකාර ධිවරයින්ද ගාල්ල වරායවෙත ගෙන එනු ලැබ ුඅවස්ථාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුලු නාවික හමුදාවේ උසස් නිලධාරිහුද පැමිණ සිටියහ.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මුහුදෙන් ඇල්ලූ කුඩු ගාල්ලට
Anton Monday, 17 April 2023 05:12 PM
අන්තිමේදී නිදොස්කොට නිදහස් ... මුහුදේ ගැඹුර දන්නේ නැති ශ්‍රී ලංකා නාවික හමුදාව... ලැජ්ජයි.
Lalla Monday, 17 April 2023 05:21 PM
වෙන රටකවත් පොලිසියකට දීලා නඩු දාන්න වෙයි. නැතිනම් කලින් නඩුවට වුණුදේම වෙයි. කුඩු පිටිවෙයි.
prabath Monday, 17 April 2023 06:21 PM
මේකත් ඇල්ලුවේ නෑ කියයි. මතක නෑ කියලා ඔක්කොමලා නිදහස් කරයි. දූෂිත නිලධාරීන්...
සත්‍ය ගවේෂී. Monday, 17 April 2023 08:25 PM
දූපත වටේටම තිබෙන මුහුදේ සිටිනා මත්ස්‍ය සම්පත මුළු මහත් රටවාසීන්ටම අයිති දෙයක්.ඒත්,මේ රටේ ධීවරයන් එම මත්ස්‍ය සම්පත රටේ ජනතාවට අධික මිල ගණන් වලට විකුණනවා.මුහුදේ හැදෙන මාළු නිෂ්පාදනයට අල්ලා ගැනීමට යන මුදල් වලට අමතරව සත පහක්වත් ඒ වෙනුවෙන් වියදම් වෙන්නේ නැහැ.ඒත්,ධීවරයන් මාළු විකුනන්නේ, මත්ස්‍යයන්ව ඇතිදැඩි කොට ඉස්කෝලෙ යවා වියදම් කරා වගෙයි.ඊට අමතරව,රට වනසන කුඩු වසංගතය පතුරවා කෝටි ගණන් මුදල් උපයනවා.සෑම ධීවර බෝට්ටුවක් ගැනම දැඩි අවධානය යොමු කරනු වටී.එසේම,කුඩු ව්‍යාපාරය සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි බැවින් ඒගැනද දැඩි අවධානය යොමු කරනු වටී.
Rata Perata Monday, 17 April 2023 08:45 PM
ඕකටත් වෙන්නේ අර 2009දී අල්ලපු කෝටි 296 කුඩු නඩුවට වෙච්චි දේම තමයි. උසාවිය ඔක්කෝම නිදොස්කොට නිදහස් කරලා දායි. ඉන්න හිතෙන රටක්.. විධායකය, ව්‍යවස්ථාදායකය, ජනමාධ්‍යය, නීතිය මේ කිසිදෙයක් ජනතාව වෙනුවෙන් නෑ.
උපාලි Monday, 17 April 2023 11:09 PM
මේක නම් පොලිසියට දෙන්න එපා.... උන්ට හොද ජරාවක් කෑවම සේරම අමතක වෙනවා
Perakum Tuesday, 18 April 2023 10:26 AM
නියම පුවතක් පොලිසියෙ උන්ට රජ මගුල්…! ලොක්කන්ට වැඩියෙනුත් පොඩ්ඩන්ට අඩුවෙනුත් බෙදාගනීවි අපි නිකම් බලා ඉදල යවුත්තු වෙනව.
සෙනරත් Tuesday, 18 April 2023 11:25 AM
රජය් මැදිහත් වෙලා මේ කුඩු විකුනලා ඩොලර් හොයමු ...මාසෙන් නය වලින් නිදහස් වෙන්න පුලුවන් .