(අංජුල මහික වීරරත්න)
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොතිබීම නිසාවෙනි.
එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදි හෙලිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවය.
මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි.
මහේස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ
Indika Baddegamage Saturday, 30 September 2023 09:38 AM
මෙයත් රට ගිහින් ලංකාවට කොකා පෙන්නන්නද දන්නේ නෑ හදන්නේ...!!!
Nimal Saturday, 30 September 2023 10:37 AM
තවත් පරීක්ෂණ, තවත් කමිටු, නමුත් එකකින්වත් සිදුවූ සෙතක් නම් නෑ...
Rata Perata Saturday, 30 September 2023 12:52 PM
උසාවියට බලපෑම් කරන අයම ඒවා ගැන පරීක්ෂණ කරන්න කියන එක නම් මාර විහිළුවක්...
ලුම්බිණි Saturday, 30 September 2023 02:00 PM
අන්තිමට මරණ තර්ජන ඇති පුද්ගලයාම වරද කාරයා වෙන පාටක් තියෙන්නේ...!
kavidhu Saturday, 30 September 2023 02:35 PM
මෙහෙම ගියාම සරණාගත විසා ලබාගෙන PR ලබාගන්න පුළුවන් ඒ රටවල්වල ඉක්මණට...!
ravinSaturday, 30 September 2023 05:10 PM
තමන් පෙර ආත්මයක කරන ලද අකුසලයක් නිසා අවාසනාවට මේ රටේ ඉපදුණාට, ඒ ඉපදුණු රටේ සිටින පාහරයින් ඔහුට අවංක මිනිසෙක් මෙන් ජීවත්වන්නට නොදෙනවා නම් කළ හැකි දේවල් කිහිපයකි ඇත්තේ, එක්කෝ ඔවුන්වත් මරාගෙන තමනුත් දිවිනසා ගැනීමයි. එසේත් නැතිනම් "මිනිසුන්" සිටින රටකට ගොස් සරණාගත බව ලබා මිනිසෙක් මෙන් ජීවත් වී තමන්ගේ ජීවිතය බේරු ඒ රටට උපරිමයෙන් සේවය කිරීමයි.
Nimesh Saturday, 30 September 2023 04:45 PM
බලපෑම් කරේ වීරසේකර හාදයා, ඕක අමතුවෙන් කොමිටි දාලා හොයන්න ඕනේ නැහැ. පහුගිය වකවානුවේ පාර්ලිමේන්තු විවාද බැලුවා නම් හරි..
fairoos Sunday, 01 October 2023 12:28 PM
අනේ රනිල් ඔයා තොත්ත බබා. අර පොහොට්ටුවේ ඉන්න කාලකණ්ණි තමයි... මේ වැඩේ කරන්නේ...!