(චාපා මධුභාෂිණී)
මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදාහැරිම නිසා වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව වනෝද්‍යාන බාරකරුවෝ පවසති.
කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා පාවිච්චිකරන මුව ආවරණ විශාල වශයෙන් වනෝද්‍යානයේ දෙපාසට විසිකර දමා ඇති අතර වඳුරන් මෙන්ම රිලවුන්ද ඒවා අතපත ගෑම සිදු කරයි. අලි ඇතුන් පවා ඒව හෙඬෙන් ස්පර්ශ කළහොත් එම සතුනට ද වයිරසය ආසාදනය විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
කිලෝමීටර 14ක පමණ දුරක් හබරණ කැලෑව මැදින් හබරණ සිට පොලොන්නරුව දෙසට දිවෙන මෙම මාර්ගය දෙපසට නිරන්තරයෙන් සත්ත්ව අපද්‍රව්‍යසේම මළ සිරුරු එම්බාම් කිරීමේදී ඉවත් කරන විවිධ කොටස් මෙම රක්ෂිතයට මුදාහැර තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියයි.
මින්නේරිය බටුඔය ප්‍රදේශයට යාබදව මීට මසකට පමණ ඉහතදී ඉස්සන්ගේ ඉවත දමන ලද හිස කොටස් ලොරියක පමණ ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබී හමු වූ බව ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙක් කියා සිටියේය.
මාළු අපද්‍රව්‍ය සහ ගොවිපල අපද්‍රව්‍ය නිරන්තරයෙන් මෙම හබරණ කැලෑ ප්‍රදේශයට බැහැර කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද
සනත් Friday, 13 August 2021 12:45 PM
මිනිස් නරුමයින්...!!! සත්තකින්ම ඔව්...
Sri Lanka Friday, 13 August 2021 12:47 PM
සත්තු මිනිස්සු වගේ මෝඩයිද? ඒ අය දන්නවා බොරුවෙන් ඈත හඳුනාගෙන ඒවත් එක්ක ජීවත් වෙන්න... ඒකට අපි කොරෝනා වවන් කනවා...
Rohana Friday, 13 August 2021 02:43 PM
මේ අපද්‍රව්‍ය විනාශකරන වැඩපිළිවෙලක් නැද්ද?. කෝවිඩ් අපද්‍රව්‍ය බව දැන දැනත් ඒවා මතුපිට දමායන ජාති ද්‍රෝහීන්ට නිසි දඬුවම් ලබාදිය යුතුමයි...
බද්රානි Friday, 13 August 2021 04:55 PM
තිරිසන් සතුන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන ශ්‍රී ලාංකික ජනතාව සත්තුන්වත් ව්‍යවසනයකට අද නොදැම්මොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ. පරිසරයට සලකන ආකාරයෙන්ම හිතාගන්න පුළුවන්නේ... ලෝකෙන් උතුම් රටේ නරුමයින්ගේ කෙරුවාව.. ඇත්තම කියනවා නම් මොවුන් නම් ලෝකෙටම වෛරසයක්...
sharm warn Thursday, 19 August 2021 12:27 PM
ලංකාවේ මිනිස්සු තරම් පරිසරයට හානි කරන මිනිස්සු කොටසක් මේ ලෝකේ නැතුව ඇති .අපිට මීළඟට ඔට්ටු වෙන්න වෙන්නේ මේ අපරාධය එක්ක තමයි .මිනිස්සු බොහොමයක් මුව ආවරණ බැහැර කරන්නේ කිසිම චාරයක් නැතුව .කොවිඩ් පැතිරෙන්න මේවත් හේතු වෙනවා .අපේ හැසිරීම් හදා නොගත්තොත් අපිම තමයි පව් ගෙවන්න වෙන්නේ කියලා මතක තියාගෙන ඉන්න